දේශයේ හෘදසාක්ෂිය සමග ඔබේ හෘදසාක්ෂිය ගැලපේනම් ජවිපෙට ඡන්දය දෙන්න

August 3, 2015

දේශයේ හෘදසාක්ෂිය සමග ඔබේ හෘදසාක්ෂිය ගැලපේනම් ජවිපෙට ඡන්දය දෙන්න යන්න තේමාව කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තු අපෙක්ෂකයන් එක්ව පවත්න ලද මාධ්‍ය හමුවක් අද (03) පිටකෝට්ටේ සොබාෂි උත්සවශාලාවේදී පැවැත්විය.

මේ සදහා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය නියෝජනය කරමින් ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේර්ත් මහතාද සහභාගී විය.

 

02_thumb_medium250_

 

අද මෙම විශේෂ මාධ්‍ය හමුව කැඳවූවේ අපේ පක්‍ෂයෙන් ඉදිරිපත්කර සිටින ජාතික ලැයිස්තුවේ අපේක්‍ෂක මහත්ම මහත්මීන්ගේ අදහස් දැක්වීම සඳහායි. හිටපු විගණකාධිපති සරත්චන්ද්‍ර මායාදුන්නේ මහතානීතිඥ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය මහතාශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජනක් කුමාර මහතාසෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය විනී හෙට්ටිගොඩ මහතාරුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒ.ජේ. රුහුණුහේවා මහතාජාතික කලාමණ්ඩලයේ හිටපු සභාපතිකථිකාචාර්ය චාල්ස් දයානන්ද මහතාකැලණිය විශ්වවිද්‍යාලයේජ්‍යෙෂ්ඨ මහාචාර්ය පියදාස රණසිංහ මහතාසිනමාවේදී අනුරුද්ධ ජයසිංහ මහතාආචාර්ය එස්.බී. මවුලානා මහතාප‍්‍රවින චිත‍්‍රශිල්පී අනුර ශී‍්‍රනාත් මහතාසිවිල් සංවිධාන කි‍්‍රයාකාරිනී රෝහිණී බණ්ඩාර මහත්මියසමාජජාල කි‍්‍රයාකාරී මංජුල සමරසේකර මහතාවිශ‍්‍රාමික ගුරු කාන්ති අමරසේකර මහත්මියපරිසරවේදී සජීව චාමිකර මහතාඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ජයසිරි සමරතුංග මහත්මාරුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විමලසිරි පුංචිහේවා මහත්මායන ජාතික ලැයිස්තු අපේක්‍ෂක මහත්ම මහත්මීන් දහහත්දෙනා මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙනවා. විවිධ කටයුතු නිසා ඉතිරි අයට මෙම අවස්ථාවට සහභාගිවීමට නොහැකිව සිටිනවා. මේ අය ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වී සිටින්නේ කුමක් නිසාදැයි පැහැදිලි කිරීමට මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවූවා.”

 

03_thumb_medium250_

හිටපු විගණකාධිපති සරච්චන්ද්‍ර මායාදුන්නේ මහතා

“ජාතික ලැයිස්තුවල අතීතය දිහා බැලූවාම අර්ථයක් දී නැති බව පැහැදිලියි. පක්‍ෂ දේශපාලනයට මැදිහත් නොවන එහෙත් රටේ ප‍්‍රගමනයට අතහිත දෙන, සමාජයේ පෙරමුණු බලඇණිය හැටියට විද්‍යාඥයින්, විවිධ වෘත්තිකයන්, අධ්‍යාපනවේදීන්, නීතිඥවරුන් වගේම සමාජය පිළිගත් නායකයින් රාශියක් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව සරසනවා. මට පක්‍ෂ දේශපාලනයට පිවිසීමේ අදහසක් තිබුණේ නැහැ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ආරාධනා කළා තමන්ගේ පක්‍ෂයෙන් පිට අයෙකු හැටියට ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වෙන්නට. මේ අවස්ථාව ලබාදීමම ගරුකටයුතු දෙයක් හැටියටයි මම සලකන්නේ. ඔවුන්ට ඒ ගරුත්වය මම පුදකරනවා. බොහෝ අවස්ථාවල ජාතික ලැයිස්තු මන්තී‍්‍රධුර ලබාදී තිබෙන්නේ පරාජිත අපේක්‍ෂකයින්ට හෝ සමාජයේ පිළිනොගන්නා කාරණා නිසා ඉදිරියට පැමිණිය නොහැකි  අයටයි. 1948 ඉඳලා අද දක්වා බැලූවාම සමාජයේ සාරධර්ම විශාල පිරිහීමක් නිසා අපි තුළ කම්පාවක් ඇතිවුණා. ඒ ඒ පක්‍ෂ දීපු පොරොන්දු ගැන විශ්වාසයක් තබාගෙන ජනතාව ඡුන්දය දුන්නා. නමුත් සුළු කාලයක් තුළ ඒ පොරොන්දු කණපිට පෙරළුවා. ඒ වගේම විශාල වශයෙන් රාජ්‍ය මූල්‍ය විනාශවීමක් සිදුකෙරුණා. මේවාට කවුද වගකියන්න ඕනෑ? මේ කාරණා ඉදිරියේ අකර්මණ්‍යව නිහඬව හිටි අය මුලින්ම මේ තත්වයට වගකියන්න ඕනෑ. දූෂිතයන් සහ පාතාලයන් දේශපාලන සුක්කානම හසුරුවන තත්වයට පත්වුණා. ඒ නිසා මේ අවස්ථාව ලැබුණාම ඊට ඉදිරිපත්වීමේ හැඟීම ඇතිවුණා. අනිත් පැත්තෙන් නිදහස් අධ්‍යාපනයේ ප‍්‍රතිඵල ලබන අපි අපේ ස්වාර්ථය වෙනුවෙන් කැපවීම යුතුකමක් නෙවෙයි; අපේ වගකීමක්. මේ යුතුකම අනාගතය වෙනුවෙන් ඉටුකිරීමට කැපවෙන බව අපි සපථකරනවා.”

 

04_thumb_medium250_

නීතිඥ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය මහතා

“සමාජ සාධාරණය උදෙසා ජනතා විමුක්ති පෙරමුණ යන ගමන ගැන අපට අවබෝධයක් තිබෙනවා. ශාන්ත තෝමස් විදුහලේ ඉගෙන ගත්තු ඉහළපෙළේ ජීවිතයක් ගතකරන බව සිතන මම මෙතනට සහභාගි වෙන්නේ කුමක්නිසාදැයි ඔබට ප‍්‍රශ්නයක් ඇති. සමාජ සාධාරණත්වය පිළිබඳව අරගලය කළ යුත්තේ පීඩිත පංතිය පමණක්දැයි අපි සිතාබැලිය යුතු වෙනවා. මම හිතන්නේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කළ යුතු වැඩකොටසක් හැමතැනම ඉන්න අපි හැමදෙනාටම තියෙනවා. මේ රටේ වැසියන් මට උගන්වන්න වියදම් කළ සල්ලි වෙනුවෙන් මේ යුතුකමවත් කළ යුතු බව මම හිතනවා. 2007/2008 කාලයේ නීතියේ ආධිපත්‍ය පිළිබඳව ප‍්‍රශ්න රාශියක් ඇතිවෙන්න පටන්ගත්තා. මේ කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණ නිර්ව්‍යාජ සැබෑ හඬක් නගන බව මම දැක්කා. ඒ නිසා වෘත්තීය වශයෙන් අවශ්‍ය අවස්ථාවලදී මම ඔවුන්ට සහයෝගය පළකළා. 2010දී 18වෙනි සංශෝධනය ගෙන ආ අවස්ථාවේ අපි අත්වැල් අල්ලාගෙන එකට අරගල කළා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග‍්‍රවිනිශ්චකාරතුමියට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනා අවස්ථාවේ අපි එයට එරෙහි අරගලයේ අත්වැල් බැඳගෙන හිටියා. මේ වගේ විවිධ අවස්ථාවලදී මට තේරුම්ගියා, මම හොයන සමාජ සාධාරණත්වය ජනතා විමුක්ති පෙරමුණත් හොයන බව. අපි අන්තිමටම බලාපොරොත්තු වන්නේ කුමක්ද?මේ රටේ ස්වාධිපත්‍ය බලය ශී‍්‍ර ලාංකික පුරවැසියා සතුයි. මේ ස්වාධිපත්‍ය බලය ව්‍යවස්ථාදායක, විධායක,අධිකරණ කියන ආයතන 03ට සමානව බෙදල දෙනවා. අගෝස්තු 17 වෙනිදා ශී‍්‍ර ලාංකික ජනතාව තමන්ගේ ස්වාධිපත්‍ය බලය කි‍්‍රයාත්මක කරවන 225 දෙනෙකු තෝරාගන්න යනවා. අවුරුදු 67 තට්ටුමාරු දේශපාලනය තුළ ඔබගේ ස්වාධිපත්‍යය ලබාදුන් රජයන්වලින් ඔබ පැතූ සමාජ සාධාරණත්වය, නීතියේ ආධිපත්‍යය රැකදී තිබෙනවාද?. ඔබගේ හෘදසාක්‍ෂියට තට්ටුකර බලන්න. ඔබගේ හෘදසාක්‍ෂියේ උත්තරය අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ හෘදසාක්‍ෂියේ සම්මුතියම නම් මේ රටේ ඉදිරි අනාගතය ගොඩනගන්න ඔබට අප සමග ගමනක් යන්න තියෙනවා. ඒ සඳහා එකතුවෙන්න ආරාධනා කරනවා.”

 

07_thumb_medium250_

කැලණිය විශ්වවිද්‍යාලයේ විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පියදාස රණසිංහ මහතා

“විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දසදෙනෙකු පමණ මේ ජාතික ලැයිස්තුවේ ඉන්නවා. දීර්ඝකාලයක් තිස්සේ මේ සමාජයේ ජීවත්වෙමින් වැඩකටයුතු කරමින් බොහෝ කාලයක් නිහඬව ජීවත්වෙමින් හිටියා. නමුත් මේ නිහඬවීම තවදුරටත් නොකළ යුතු දෙයක් බව රට වැටී තිබෙන අගාධය අනුව පැහැදිලි වුණා. ජනතා විමුක්ති පෙරමුණ අපට කළේ පක්‍ෂ සාමාජිකත්වය ලබාගැනීම සඳහා ආරාධනාවක් නෙවෙයි. උගතුන්ට,බුද්ධිමතුන්ට, කලාකරුවන්ට කළ ගෞරවයක් හැටියට සලකා ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වීමට තීරණය කළා. අපිට ඉගැන්නුවේ අපිව ජිවත්කළේ මේරටේ ජනතාව. අපි ඔවුන් ණයයි. අපි කළ මෙහෙවරට වඩා වැඩි මෙහෙවරක් කළ යුතුව තිබෙනවා.

06_thumb_medium250_

ප‍්‍රවිණ චිත‍්‍රපට අධ්‍යක්‍ෂ අනුරුද්ධ ජයසිංහ මහතා

විශාල වැඩකොටසක් තිබෙනවා. පක්‍ෂමාරු ක‍්‍රමය ජනතාවට තිත්තවෙලා තියෙන්නෙ. අපිට කිසිමදේකින් සතුටුවෙන් පුළුවන්කමක් නැහැ. මේ ගමනේ අවසානය මොකක්ද කියන එක අපට පැහැදිලියි. ඒනිසා ඇත්තවශයෙන්ම ජනතා හිතවාදී පාලනයක් පිහිටුවාගන්නයි අපට අවශ්‍ය වෙන්නෙ. හුඟක් අය කල්පනා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ විපක්‍ෂය බවට පත්කර හිටියාම ඇති කියලයි. නමුත් අපි කියන්නේ ආණ්ඩු බලය දෙන්න කියලයි. මේ රටේ ජනතාවට කොන්ද කෙළින් තියාගෙන ජීවත්වෙන්න පුළුවන් රටක් ගොඩනගන්න මේ පක්‍ෂයට හැකිවන බවට කිසිම සැකයක් නැහැ. අපි බොහෝ කාලයක් නිරීක්‍ෂණය කරලයි මේ තීන්දුව අරගෙන ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වුනේ. මේක පුද්ගලවාදී පක්‍ෂයක් නෙවෙයි. තමන්ගේ බඩවඩාගන්න වැඩකරන පක්‍ෂයකුත් නොවෙයි. ඒනිසා ජනතාව වෙනුවෙන් යම්කිසි කැපකිරීමක් කරලා අනාගතය වෙනුවෙන් මේ දේශය ගොඩනැගීමට ඉදිරිපත්වෙන්න හැකිවීම පිළිබඳව අපි අවංකවම සතුටුවෙනවා. විශ්වවිද්‍යාලවල ඉතා විශාල පිරිසක් අපිත් එක්ක එකතුවී සිටිනවා. වෙනත් විකල්පයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ සමග අත්වැල් බැඳගෙන ඉදිරියට යන්න එන්න කියලා අපි හැමදෙනාටම ආරාධනාකරවා.”

Sammy

Previous story Next story

Leave a comment

t

o

p