96 ක්‍රිකට් කණ්ඩායමේ මහින්ද හිටියනම් තාමත් නායකයා ඔහුයි

August 3, 2015

1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේ නම් තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා ඔහු බව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් සම කණ්ඩායම් නායක වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ රාත්‍රියේ (02) මීරිගම වේවැල්දෙනිය නාසෙවණ නිවාඩු නිකේතනයේ පැවැති ජනහමුවකදීයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අර්ජුන රණතුංග අමාත්‍යතුමා කියා සිටියේ මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවැනි පෙළක් නිර්මාණය නොකළ බවයි.

‘මට පුළුවන් වුණා 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කරලා කණ්ඩායමට නායකත්වය දෙන්න. මට හිටියා රටට ආදරය කරන ක්‍රීඩකයෝ. අනිත් ඒවා පැත්තක තියලා සෑම විටකම රට ගැන හිතන ක්‍රීඩකයෝ. ඒ නිසා මට පහසු වුණා කණ්ඩායමට නායකත්වය දීලා ලෝක කුසලානයක් මේ රටට ගේන්න. නමුත් අපි ක්‍රීඩා කරන විට දෙවැනි පෙළක් නිර්මාණය කරනවා. මගෙන් පස්සේ නායකත්වය ගන්නේ කවුද කියලා හිතනවා. අපි සාමාන්‍යයෙන් නායකයෝ හදනවා. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා පහුගිය කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවැනි පෙළක් හදන්න දුන්නෙත් නැහැ. නායකයෝ හදන්නේ දුන්නෙත් නැහැ. මේ නිසා මට එක වෙලාවකට හිතෙනවා, මහින්ද මහත්තයා 1996 ලෝක කුසලානය දිනා ගත්ත නම් තාමත් ඒ කණ්ඩායමේ නායකයා ඔහු. අවුරුදු 51ක් 52ක් වුණත්. අන්න ඒ වගේ තමන්ගේ, තමන්ගේ පවුලේ ජයග්‍රහණය වෙනුවෙන් විතරයි මහින්ද මහත්තයා කටයුතු කළේ’ යැයිද මෙම ජනහමුවේදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

– තමීර මංජු

Sammy

Previous story Next story

Leave a comment

t

o

p