ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2015

July 28, 2015

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2015 – දුම්කොළ විරෝධී දින සම්මානය හිටපු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් දිනාගන්නා ලදී.

සෑම වසරකම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) කලාප 06කින් දුම්කොළ මර්දනයට කටයුතු කරනු ලබන පුද්ගලයන් සහ සංවිධාන ඇගයීමට ලක් කරනු ඇත. මෙම ඇගයීම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් විශේෂි ඇගයීම් සම්මාන වන දුම්වැටි විරෝධි දින සම්මාන ආකාරයෙන් පිරිනමනු ලබන අතර, 2015 වසරේ අග්නිදිග ආසියානු කලාපයේ මෙම ගෞරවනීය සම්මානය ශ්‍රී ලංකාව දිනාගෙන ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ මර්දනය පිළිබඳ රාමුගත සම්මුතිය (FCTP) අපරානුමත කරන ලද පළමු ආසියානු රට ලෙස ශ‍්‍රී ලංකාව 2003 වසරේ මෙම සම්මුතියට අත්සන් තබන ලදී. 2006 දී ශ‍්‍රී ලංකාව ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා ජාතික දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරිය ස්ථාපිත කළ අතර, 2008දී සියලු ම ආකාරයේ දුම්කොළ භාවිතය පාලනය කිරීම සඳහා රෙගුලාසි සම්මත කරගන්නා ලදී.

2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කරන ලද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා දුම්වැටි අසුරනවල රූපමය අවවාද 80%ක් දක්වා ඉහළ නැංවීමට මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් පොරොන්දු වූ අතර සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා එය වහාම ක‍්‍රියාත්මක කළේය. අමාත්‍යවරයා විසින් ඔහුගේ ධුර කාලය තුළ හඳුන්වා දුන් පළමු පනත් කෙටුම්පත මෙය වන අතර සමස්ත පාර්ලිමේන්තුවේ ඒකමතික අනුමැතිය ලැබීමෙන් එය සාර්ථකව ඉටු කරන ලදී. මෙම පනත් කෙටුම්පත 2015 ජූලි සිට ක‍්‍රියාත්මක කෙරිණි.

– news.lk

Sammy

Previous story Next story

Leave a comment

t

o

p