ඛණිජ තෙල් මිල දැවැන්ත ලෙස පහල වැටේ…

July 27, 2015

2015 වසර තුළ ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල පහළ යාම 1986 වසරේදී මුහුණදුන් අර්බුදයටත් වඩා උග‍්‍රවනු ඇති බව මෝගන් ස්ටැන්ලි බැංකුවේ විශ්ලේෂකයින් පවසයි.

ඔවුන් පවසා ඇත්තේ මෙම තත්වය තවත් වසර 3ක් හෝ වැඩි ප‍්‍රමාණයක් පැවතිය හැකි බවයි.  1986 දෙසැම්බර් මසදී එවකට පැවති ඛනිජ තෙල් මිල ඩොලර් 23.29 සිට 9.85 දක්වා කඩා වැටුණු අතර මේ වසරේ මිල පහත වැටීම ඊටත් වඩා දරුණු විය හැකි බව විශ්ලේෂකයින් පවසා තිබේ.

පසුගිය කාලය තුළ තෙල් ඉල්ලූම ඉහළ යාම හා ආයෝජන කඩා වැටීම පිළිබඳව අනාවැකි පළවන තුරු මිල අර්බුදය පහව යනු ඇතැයි විශ්වාසය රැඳී තිබිණි.

තෙල් සමාගම් වල කොටස් මිල මෙන්ම ඛනිජ තෙල් කර්මාන්තයට සහය සපයන ද්විතීයක කර්මාන්ත කඩාවැටීම පිළිබඳවද මෝගන් ස්ටැන්ලි බැංකුව අනාවැකි පළ කර තිබේ.

මේ වන විට ඛනිජ තෙල් සමාගම්වල කොටස් මිල වසර 35ක් තුළ අඩුම අගය වාර්තා කර ඇති බව පැවසේ.  ඉල්ලූම ඉහළ යාම හා ආයෝජන අඩුවීම යන තත්වය තුළද ඛනිජ තෙල් සැපයුම ඉහළ මට්ටමක පැවතීම තෙල් මිල පහළ යාමට තවදුර දායක වෙමින් ඇත.

ජුනි මස සිට ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය පහළ ගොස් තිබුණද ඔපෙක් රටවල් තවදුරටත් සාමාන්‍ය පරිදි නිෂ්පාදනය කරමින් තිබීම මෙයට හේතුවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p