පොලිසිය හා මැතිවරණ දෙපාර්තමේන්තුව අගය කළ යුතුයි! – CaFFE

July 19, 2015

මැතිවරණ නීති රීති ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලිසිය සහ මැතිවරණ දෙපාර්තමේන්තුව ක්ෂණිකව ක්‍රියාත්මක වීම ප්‍රශංසනීය බව CaFFEසංවිධානය හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය කියයි. එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන කළේ පසුගිය නාම යෝජනා දිනයේ සහ ඉන් පසුව පොලිසිය සහ මැතිවරණ දෙපාර්තමේන්තුව අකුරට මැතිවරණ නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවයි.

පොලොන්නරුව සුංගාවිල ප්‍රදේශයේ දී එජනිස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා විසින් නීති විරෝධි ලෙස භාණ්ඩ බෙදාහැරීමක් පිළිබඳව කැෆේ සංවිධානය ඊයේ (14) මැතිවරණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ බවත් එම දෙපාර්තමේන්තුව සහ පොලිසිය එම සිද්ධිය සම්බන්දයෙන් ක්ෂණිකවම ක්‍රියාත්මක වීම නිසා එම භාණ්ඩ බෙදාහැරීම අත්හිටුවීමට හැකිවු බව ද තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p