මැක්ඩොනල්ඞ්ස් අනාගතය අඳුරු බව තවත් සමීක්‍ෂණයකින් හෙළිවේ

July 18, 2015

මැක්ඩොනල්ඞ්ස් ක්‍ෂණික ආහාර අලෙවිය ඉදිරි මාස 6 තුළද වර්ධනයක් අත්කර නොගනු ඇතැයි නවතම සමීක්‍ෂණ වාර්තාවක් මගින් දක්වා තිබේ.

මේ සඳහා ඇමරිකාව තුළ ක‍්‍රියාත්මක මැක්ඩොනල්ඞ්ස් නියෝජිත අවන්හල් 208ක හිමිකරුවන් 29 දෙනෙකු සහභාගී කරගෙන ඇති අතර ඉදිරි මාස කිහිපය තුළ ව්‍යාපාර කටයුතු කෙසේ වේදැයි 1-5 දක්වා වන පිළිතුරු ලබාදෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

අංක 5 මගින් විශ්ෂ්ඨයි යන්න දක්වා ඇත.  කෙසේවෙතත් මෙම සමීක්‍ෂණයෙන් ලැබුණු සාමාන්‍ය අගය 1.69ක් වන අතර එය වසර 12කට පෙර සමීක්‍ෂණය ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ අඩුම අගයයි.

මින් මාස 3කට පෙර එය 1.81ක් විය.  ඉතිහාසය පුරා එම දර්ශකයේ සාමාන්‍ය අගය 2.8ක් වන අතර 2004 පෙබරවාරි මසදී වාර්තාගත ඉහළම අගයවූ 3.4ක් වාර්තා කරන ලදී.

අවන්හල් හිමියන් පවසා ඇත්තේ දුර්වල අලෙවි ප‍්‍රවර්ධනය, පාරිභෝගික අවශ්‍යතා තෘප්ත කළ නොහැකි වීම හා පරිපාලනයේ නොදැනුවත්කම ලොව විශාලතම බර්ගර් ජාලයේ මෙම කඩාවැටීමට හේතුවී ඇති බවයි.

ජුනි මසදී පමණක් මැක්ඩොනල්ඞ්ස් අලෙවිය 2.3කින් පහළ ගොස් ඇති අතර එය වෝල් ස්ටී‍්‍රට් සමපේක්‍ෂණයට වඩා 2%ක කඩා වැටීමකි.

ජුලි මසදී තවත් 1.2%කින් අලෙවිය පහළ යනු ඇතැයි අවන්හල් හිමියන් පවසන නමුත් එය ඉහළ යනු ඇති බව විශ්ලේෂකයින්ගේ අදහසවී තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p