මට නාමයෝජනා නොලැබුණේ තණ්හා, රති, රඟා නිසයි

July 16, 2015

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම‍යෝජනා සකස් වුණේ සම්පූර්ණයෙන්ම බැසිල් රාජපක්ෂ මහතාට අවශ්‍ය පරිදි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද දෙරණ “මොකද වුණේ” වැඩසටහන සමග සම්මුඛ සාකච්ඡාවකට අද පස්වරුවේ එක්වෙමිනි.

හිටපු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා මෙම වැඩසටහන සඳහා සම්බන්ධ කර ගැනීමට අද පෙරවරුවේ ඔහු ඇමතු අවස්ථාවේදී තමන් සියදිවි හානිකර ගන්නා බවට කළ ප්‍රකාශයක් නිසාම ඒ ගැන ඔහුගෙන් විමසා සිටියේය.

එහිදී හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් එවැනි ප්‍රකාශයක් නොකළ බවයි.

තමන් කියා සිටියේ රාජපක්ෂවරු විහින් සියදිවි හානිකරගත්තා බව යැයිද, ඇතැම් විට දුරකථන සම්බන්ධතා වල ගැටලු නිසා එය ශ්‍රවණය කිරීමේ දෝෂ සිදුවන්නට ඇතැයි වැනි පිළිතුරක් ලබාදුන්නේය.

තමන්ට මහමැතිවරණය සඳහා නාමයෝජනා නොලැබීම ගැන දැඩි වේදනාවක් ඇති බවත්, ඊට මුල් වුයේ තණ්හා, රති, රඟා තිදෙනා බවත්, එනම් මහින්ද, බැසිල් හා ගෝඨාභය යන කණ්ඩායම යැයි හෙතෙම පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p