මෛත්‍රී, මහින්දට කනේ පාරක් ගහලා රනිල්ට පන්සල් ටොක්කක් ඇන්නා

July 16, 2015

ජනාධිපතිවරයාගේ විශේෂ ප‍්‍රකාශයේ තවත් වැදගත් දෙයක් තිබෙනවා. මහින්දට කනේ පහරක් ගහලා රනිල්ට පන්සල් ටොක්කක් ඇනලා තිබෙනවා. කියමනක් තිබෙනවාපන්සල් ටොක්කක් ඇන්නාම උගුරට ලේ රහ දැනෙනවා කියලා. ජනාධිපතිරවයා මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රනිල්ට පන්සල් ටොක්කක් ඇන්නා. මේ මැතිවරණයේදී එජාපය පෝස්ටරයක් ගහලා තිබුණාමුල පිරුවා විතරයි කියලා. මුල පිරුවේ මහ බැංකු මුදල් වංචාවෙන්කරුංකා ගනුදෙනුවෙන්රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ඉවත් කිරීමෙන් නම් ඔවුන්ගේ ඉදිරි පාලන කාලය කොහොම වෙයිදඑනිසා මැතිවරණයට ඉදිරිපත් වී තිබෙන මෙම දේශපාලන ව්‍යාපාර දෙක ගැන මෛති‍්‍රපාල ජනාධිපතිවරයා පැහැදිළිව සඳහන් කර තිබෙනවා. එම දේශපාලන ව්‍යාපාර දෙකට එරෙහිව ජනතා බලවේගයක් ගොඩනැගිය යුතුව තිබෙනවා. එයට ජනතා විමුක්ති පෙරමුණ සහ අපට සහාය පළකරන බලවේග මේ වනවිට මුල පුරා තිබෙනවා. යැයි ජනතා විමුක්ති පෙරමු‍ණේ නායක අනුර දිසානායක මහතා අද පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ජනවාරි අටවෙනිදා මහින්ද රාජපක්ෂ දූෂිත පාලනය පරාජය කිරීමට මෙරට ජනතාව සමත් වුණා. ඒ සමග මහින්ද රාජපක්ෂලා විසින් අනුගමනය කළ විනාශකාරීකැත දේශපාලන සංස්කෘතියත්විනාශකාරී ආර්ථික ප‍්‍රතිපත්තියත් පරාජයට පත්කිරීමට හැකියාව ලැබුණා. නමුත් ඉන් අනතුරුව ගොඩනැගුණු රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා වූව මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වූත් එජාප ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව මහින්ද රාජපක්‍ෂගේ දේශපාන සංස්කෘතිය තීරණාත්මක ලෙස පරාජය කිරීමට කටයුතු කළේ නැහැ. ඔවුන් ඔවුන්ගේ විවිධ දේශපාලන පටු වුවමනාවන්ට අනුව වැඩකළා. ඒ නිසාම පරාජයට පත්වුණු මහින්ද රාජපක්‍ෂගේ දේශපාලනය නැවතත් වර්ධනයවීමට පටන් ගත්තා. මහින්දත් සමඟ ඔහුගේ දේශපාලන සංස්කෘතියත් පරාජය කළ යුතුව තිබුණා. මන්දඔහු පරාජයෙන් පසුවත් ජාතිවාදය වපුරමින් රට තුළ විනාශකාරී දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට උත්සාහ කළා. රාජපක්‍ෂත් ඔහුගේ දේශපාලන සංස්කෘතියත් පරාජයට පත්කළා නම් මෛතී‍්‍රපාල ජනාධිපතිවරයා අද මේ අර්බුදයට ලක්වෙන්නේ නැහැ.
ජනාධිපතිවරයාගේ විශේෂ ප‍්‍රකාශයේ තවත් වැදගත් දෙයක් තිබෙනවා. මහින්දට කනේ පහරක් ගහලා රනිල්ට පන්සල් ටොක්කක් ඇනලා තිබෙනවා. කියමනක් තිබෙනවාපන්සල් ටොක්කක් ඇන්නාම උගුරට ලේ රහ දැනෙනවා කියලා. ජනාධිපතිරවයා මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රනිල්ට පන්සල් ටොක්කක් ඇන්නා. බැඳුම්කර වංචාව සිදුවුණු වෙලාවේ අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කරන්න කියලා තමන් යෝජනා කළ බවත් අගමැතිවරයා එයට නෑසූ කන්ව සිටි බවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. පහුගිය කාලය තුළ මෙම මූල්‍ය ගනුදෙනුව පිළිබඳ වංචාවක් සිදුවුණාදනැද්දකියලා විවිධ කතාබහ ඇතිවුණා. නමුත් මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයට අනුව නිශ්චිත ලෙසම මහ බැංකු බැඳුම්කර වංචාවක් සිදුවී තිබෙන බවට සීල් ගැසුවා මෙන් තහවුරු වෙලා තිබෙනවා. ඒ වගේම මීට පෙර අවස්ථාවකදී ජනාධිතිවරයා කියා තිබුණාඑම වංචාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට කමිටුවක් යෝජනා කළා කියලා. නමුත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා සිරිකොතේ වැඩකරන තුන් දෙනෙක් ඒ පරීක්‍ෂණයට නම්කළා. ඒනිසා එම ගනුදෙනුවේ මුල සිටම රනිල් වික‍්‍රමසිංහ මැදිහත් වෙලා ජාවාරම්කරුවන් ආරක්‍ෂා කළා.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p