මෙවර කාන්තාවන් මැතිවරණයේදී කුමක් කළ යුතුද?

July 15, 2015

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වගේම වර්තමාන ආණ්ඩුවේ ප‍්‍රබලයින් , සියලූ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත‍්‍රීවරියන් ඇමතිවරියන් තමන්ගේ දේශපාලන උවමණාව වෙනුවෙන් මේ රටේ දුක්විඳින කාන්තාවන්ව පාවිච්චි කරමින් ඉන්න බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හේමමාලී අබේරත්නන පවසයි.
ඈය මේ බව පවසා සිටියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය පසුගිය 11 වෑනිදා මහරගම දී පෑවති එම පක්ශයේ පළමු මෑතිවරණ රෑලිය අමතමිනි.

වෑඩි දුරටත් අදහස් දෑක්වු හේමමාලී අබේරත්නන

එයාලට පුළුවන් වෙලා තියෙනවා තමන්ගේ දේශපාලන උවමණාවට කාන්තාවන්ව ඉතාම හොඳින් සම්බන්ධ  කරගන්න. ඒගොල්ල කල්පනා කරනවා මේ වෙලාවේ තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරනගන්න මේ රටේ කාන්තාවෝ අවශ්‍යයයි කියලා. ඒ නිසා මේ රටේ කාන්තාවන්ගේ ප‍්‍රශ්නෙට අපිට තමයි උත්තරය තියෙන්නේ කියමින් ඉන්නවා. හැබැයි අපි කියන්නේ ඊට වෙනස් කතාවක්.
මේ රටේ ආර්ථිකයට වැඩිපුරම දායක වෙන්නේ කාන්තාවෝ, විදේශ විනිමය මේ රටට වැඩිපුරම දායක කරනනේ කාන්තාවෝ, මැදපෙරදිග දුක් විඳල, වද හිංසාවට ලක්වෙලා, මරණයට ගොදුරුවෙලා, මැදපෙරදිගදී ලිංගික හිංසනයට ගොදුරු වෙලා, මේ රටට ගොඩ ගහන මලකඳන්වලට කවදාවත් මහින්ද රාජපක්ෂගෙන්වත්  වර්ථමාන ආණ්ඩුවෙන්වත් උත්තර හම්බවෙලා නෑ. ඒ වගේම වතු කරයේ දුක් විඳින තේ දල්ලට යටවෙලා දුක් විඳින අම්මලාට සහෝදරියන්ට මේ කිසිම ආණ්ඩුවකින් උත්තර හම්බවෙලා නෑ. ඒ වගේම නිදහස් වෙළඳ කලාප ඇතුලෙ දුක් විඳින පීඩාවට පත්වෙන තමන්ගේ මුළු ජීවිතයම කලාපයටම සින්න කරපු සහෝදරියන්ට කවුද උත්තර දුන්නේ, මෙහෙම තියාගෙන වර්තමාන ආණ්ඩුව දැන් කතා කරනවා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 25%කින් වැඩි කරන්න  ඕන කියලා, ඒක වැඩිපුරම කතා කරේ රෝසි සේනානායක මහත්මිය. හැබැයි  අපි අහනවා. මේ රටේ 52%ක් ඉන්නේ කාන්තාවෝ. මේ රටේ වැඩිපුරම පීඩාවට පත්වෙන්නේ කාන්තාවෝ. තමන් පීඩාවට පත්වෙන්නේ කොහොමද කියලවත් දන්නේ නෑ  ඒගොල්ලෝ.
සමහරු හිතනවා, දැන් අපිට තියෙනවා  සමාජ ජීවිතයක්, දැන් අපිට රස්සාවල් තියෙනවා. දැන් අපිට හොඳට අඳින්න පළඳින්න හම්බවෙනවා, දැන් අපිට ගමන් බිමන් යන්න වාහන තියෙනවා. දැන් අපි හොඳ ආයතනයක රැුකියාවක් කරනවා, ඒ නිසා අපිට ප‍්‍රශ්නයක් නෑ කියලා. හැබැයි ඒගොල්ලෝ කල්පනා කෙරුවොත්, මේ ආයතන ඇතුලෙ වැඩ කරන්න උදේ පාන්දර නැගිටලා, කන්න උයලා, දරුවෝ ඉස්කෝලෙ යවලා, තමන්ගේ ස්වාමියාගේ වැඩ කටයුතු සියලූ දේ කරලා, ගෙදර වැඩ ටිකත් කරලා එයා වැඩට යනවා. ඒ වැඩට ගිහිල්ලා අපහු එයාට ගෙදර ඇවිල්ලත් මොණවාද කරන්න වෙලා තියෙන්නේ, ආයෙත් එයාට තියෙනවා ගෙදර වැඩ ටිකක්, ඒක බොහොම කැමැත්තනේ සමහර අය භාරගෙන කරනාවා, නමුත් අපි කියනවා, මෙතන ප‍්‍රශ්නයක් තියෙනවා. එයාට සමාජ ජීවිතයක් තියෙනවා කිව්වට එයාට මුළු ජීවිතයම දුකක්, මේ ආර්ථිකයට වැඩිපුරම සම්බන්ද වෙලා තමන්ගේ මුළු ජීවිතයම වැඩ කරන්න එයා යොදාගන්නවා වගේම එයාට පවුල් ජීවිතය ඇතුලෙත් තමන්ගේ අය ගැන වෙනම හිතන්න වෙලා තියෙනවා. විශේෂයෙන් අපේ වගේ රටක අම්මගෙන් තමයි දරුවෝ තීරණය වෙන්නේ, ඒ නිසා එයාට විශේෂ පීඩාවක් තියෙනාවා.
හැබැයි මේක කොහොමද වෙන්නේ කියලා අපේ රටේ සාතිශය බහුතරයක් කාන්තාවෝ දන්නේ නෑ. ඒ නිසා මහින්ද මහත්තයාට හරි මෛත‍්‍රීපාල මහත්තයට හරි රෝසි සේනායක මහත්මියට හරි පුළුවන් පාර්ලිමේන්තුව ඇතුලේ වැඩිපුර නියෝජනය දීල අපේ රටේ කාන්තාවන්ගේ ප‍්‍රශ්නෙ විසඳන්න පුළුවන් කියන බොරුව කියන්න. කොහෙද එහෙම නිදහසක් කාන්තාවට ලැබිල තියෙන්නෙ. දුන්නනම් නිදහසක් හොඳට හිතල බලන්න ඒ තවත් වැඩිපුර කාන්තාවගේ ශ‍්‍රමය සූරා කන්න විතරයි නිදහස දීල තියෙන්නෙ. අපේ රටේ පාලකයෝන්ට පුළුවන් වෙලා තියෙනවා අඩු වැටුපට නැත්නම් වහල් ශ‍්‍රමයට කාන්තාව සූර කන්න. ඒ නිසා මේ ගැන අපි දැනුවත්වෙන්න  ඕන.
 ඒකට සටනක් තියෙනවා. ඒකට වෙන් වෙච්ච ඉඩක් තියෙනවා ඒකට මහින්ද මහත්තයාවත් රනිල් මහත්තයාවත් මෛත‍්‍රී මහත්තයා පස්සෙවත් ගිහිල්ලා හරියන් නෑ. කාන්තාවගේ නිදහස පුද්ගලිකව දිනාගන්න බෑ, මුළු සමාජයම පීඩාවට ලක්වෙලා තියෙන මොහොතක. එක එක ප‍්‍රශ්න ගේනන පුළුවන්,
පහුගිය දවස්වල මුළු සමාජයම ඉතාම කම්පනයට පත්කරපු සිදුවීමක් තිබුණා. යාපනේ දිස්ත‍්‍රික්කයේ විද්‍යා කියන පාසල් සිසුවිය සමූහ ලිංගික හිංසනයක් කරල මරලා දාලා තිබුණා. ඒක හැම කෙනෙක්ම තමන්ගේ දේශපාලන උවමාණාවට පාවිච්චි කළා. හැබැයි අපි කියනාව, කොටකෙතන සිදුවීම හරි විද්‍යාගේ සිදුවීම හරි සාරන්‍යාගේ සිදුවීම හරි අර කුණු ඇලක මරල දාපු පුංචි ලදැරියගේ සිදුවීම විතරක් නෙවෙයි මේ කාන්තාවන්ගේ ප‍්‍රශ්නේ, මේ සමාජයේ අනෙක් සියලූම පොදු ප‍්‍රශ්න වලින් එයා හෙම්බත්වෙනවා. විශේෂයෙන් මේ සමාජ ආකල්ප ඇතුලෙ එයා පීඩාවට පත්වෙනවා. ඒක පවුල ඇතුලේ, විවාහය ඇතුලේ, ආර්ථිකය ඇතුලේ එයා පීඩාවට පත්වෙනවා. ඒ නිසා අපිට  ඕන තරම් සිදු වීම් අහන්න පුළුවන්වෙයි, දකින්න පුළුවන්වෙයි. ඒ සිදුවීම් විවිධ දේශපාලන බල උවමණාවන් වෙනුවෙන් පාවිච්චි කරන්නත් පුළුවන්වෙයි. නමුත් ප‍්‍රශ්නෙ එතනමයි.
අපිට පුළුවන් නම් අන්න ඒ ඇත්ත ප‍්‍රශ්නෙ ගැන සාකච්ඡුා කරන්න, මැදිහත්වෙන්න, අපි කොච්චර හොඳට ඇඳගෙන ගියත්, අපේ ජීවිත ඇතුලේ කොච්චර දුකක් තියෙනවාද? අපි හැම වෙලාවෙම ඒකෙන් මැරි මැරී උපදිනවාද කියලා ඔබ කල්පනා කරලා බලන්න. මේ දකින  ඕනම සහෝදරියකට හරි අම්ම කෙනෙකුට හරි තියෙනවා අන්න ඒ වගේ තමන්ගේ ජීවිතේ අතුලේ ප‍්‍රශ්නයක් තියෙනවා කියලා දැනෙනවා මේ වෙලාවේ. හැබැයි ඒකට මේ පාලකයන්ට උත්තර නෑ. අපි මේ ජීවත්වන සමාජ ආර්ථික වටපිටාවට ඒකට උත්තර නෑ. ඒක ඇතුලේ තවදුරටත් විද්‍යා වගේ දරුවෝ පීඩාවට පත්වෙයි. ඒතුල තවදුරටත් කිරුලපන කුණු ඇලේ මරාදාපු සිඟිති දියණිය වගේ දියණිවරු තවත් හම්බවෙයි. ඒ තුළ කොටකෙතන ඒ ගම ඇතුලේ තමන්ගේ ජීවිතේ පූජා කරපු සහෝදරියෝ වගේම අම්මලා අපට හම්බවෙයි.
ක‍්‍රිෂාන්ති කුමාරස්වාමිලා හම්බවෙයි. සාරන්‍යලා හම්බවෙයි අපිට, අපි කාටවත් කියන්න බෑ නෑ අපිට එහෙම වෙන්නේ නෑ කියලා. අපි අහනවා, ඔබ කාටහරි කියන්න පුළුවන් ද හෙට දවසේ මට, මගේ දියණියට, මගේ අම්මට මගේ සහෝදරියට ඒ ඉරණම අත්වෙන්නේ නෑ කියලා. අපි කාටවත් ඒ සහතිකේ දෙන්න බෑ.
ඒ නිසා අපි කියනාවා. එතන තමයි අපිට හිතන්න තියෙන තැන. අපි මොණතරම් දරුවො ආරක්ෂා කළත්, අපි දාන්න  ඕන දරුවෝ සමාජෙට, ඒ දරුවා සමාජෙට දාලා අපි හිතනවා අනේ ඒ දරුවා හොඳට ඉගෙනගනියි. අපේ දරුවා හොඳ අධ්‍යාපනයක් ලබයි. අපේ දරුවට හොඳ රැුකියාවක් කරන්න පුළුවන් වෙයි. අපේ ප‍්‍රාර්ථනාවක් තියෙනවා එහෙම හැබැයි කාටද කියන්න පුළුවන් තමන්ගේ දරුවා තමන්ගේ තුරුලෙන් මේ සමාජයට දැම්මට පස්සේ ඒ දරුවට අවශ්‍යකරන නිදහසකින් මේ සමාජෙ ජීවත්වෙන්න පුළුවන් වෙයි කියලා. අපි කාටවත් ඒක කියන්න බෑ. අපි හැමෝගේම ජීවිත වල තියෙනවා මොකක්දෝ කියාගන්න බැරි ගැටළුවක්, ඒ ගැනයි අපි හිතන්න  ඕන.
අපි කියන්නේ ඒක අපි අද ජීවත් වන සාමාජ ආර්ථික දේශපාලනයේ ගැටළුවක්. කවුරුහරි කියනවා නම් නෑ ඒක මිනිස්සුන්ගේ ප‍්‍රශ්නයක් කියලා, එක පුදුගලයන්ට ද`ඩුවම් දුන්න, හිරේ දැම්මා, කියලා විතරක් මේක විසඳෙන්නේ නෑ. මොකද ඉතිහාසේ එහෙම ද`ඩුවම් විඳපු මිනිස්සු මේ සමාජෙ ඉන්නවා. ඉතින් ප‍්‍රශ්නෙ විසඳිලාද?
නෑ. එහෙනම් මේ මහ මැතිවරණය ඇතුලෙ ඔබට හිතන්න දෙයක් තියෙනවා. ඔබ තව දුරටත් වහලියක් විධියට ජීවත් වෙනවාද? තවදුරටත් මේ සමාජෙ ගොදුරක් බවට පත්වෙනවාද? ඒ නිසා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විධියට අපි කියනවා ඔබ මේ ගැන හිතන්න. ඒ සඳහා සටනක් තියෙනවා ඒක පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩිකරල බේරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ සමාජය වෙලාගත්ත, ඒ සටනට පෙළගැහෙන්න කියලා.
111

Sammy

Previous story Next story

Leave a comment

t

o

p