එජනිස යටතේ ජානිපෙන් 11ක් තරග වදී

July 14, 2015

මෙවර මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ජාතික නිදහස් පෙරමුණෙන් අපේක්ෂයෝ 11 දෙනෙක් ඉදිරිපත් ව සිටිති.

කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ජානිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් ජානිපෙ නියෝජ්‍ය සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, කළුතර දිස්ත‍්‍රික්කයෙන් ජානිපෙ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර, රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් ජානිපෙ භාණ්ඩාගාරික, සබරගමුව පළාත් සභා මන්ත‍්‍රී දීපාල් ගුණසේකර, මහනුවර දිස්ත‍්‍රික්කයෙන් ජානිපෙ නියෝජ්‍ය ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් පේ‍්‍රමවංශ, නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන්, ජානිපෙ නියෝජ්‍ය ලේකම්, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී නිමල් පියතිස්ස, මොනරාගල දිස්ත‍්‍රික්කයෙන්, ජානිපෙ මොනරාගල දිස්ත‍්‍රික් නායක ඌව පළාත් සභා මන්ත‍්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර, ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයෙන් ජානිපෙ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් නායක, නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රී ජයන්ත විජේසේකර යන පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෝ තරග වදිති.

ඊට අමතර ව පුත්තලම දිස්ත‍්‍රික්කයෙන් ජානිපෙ පුත්තලම දිස්ත‍්‍රික් නායක, ජගත් ප‍්‍රියංකර, මාතර දිස්ත‍්‍රික්කයෙන්, මාතර දිස්ත‍්‍රික් නායක ප‍්‍රවිණ මාධ්‍යවේදී නිරෝෂන් පේ‍්‍රමරත්න හා කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් පද්මසිරි අබේසිංහ යන මහත්වරු ද ඉදිරිපත්ව සිටියි

Sammy

Previous story Next story

Leave a comment

t

o

p