මහින්ද මට වඩා එක මනාපයක් ගත්තොත් දේශපාලනයෙන් ඉවත්වෙනවා

July 10, 2015

මහින්ද රාජපක්ෂ මහතා මෙන් නෝන්ඩි වුණු නායකයෙකු ඉතිහාසයේ කොහේවත් නැතිව ඇතැයි හිටපු අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

ඒ ලෙවල් සමත්වුණු අයෙකු යළි ඕ ලෙවල් විභාගය නොගන්නා බව හෙතෙම කියා සිටියේ අද(10) කඩුවෙල,උතුරු හෝකන්දර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

එක් වරක් ඡන්දයෙන් පරාජය වුවහොත් තමන් යළිත් කිසි දිනෙක ඡන්දයකට ඉදිරිපත් නොවන බවත්, දේශපාලනය යනු රැකියාවක්වත්, බිස්නස් එකක්වත් නොවන බවත් සේනසිංහ මහතා අවධාරණය කළේය.

ඒ අනුව ජනතා ආශිර්වාදය පවතින තෙක් දේශපාලනයේ නියැළෙන බවත්, ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පසු ගෙදර ගොස් වගාවක් කරගෙන පාඩුවේ සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයෙන් හම්බන්තොට දිස්ත්‍රීක්කය සඳහා නාමයෝජනා ලබා නොදුන්නේ සජිත් ප්‍රේමදාස මහතාට බියෙන් බවත්, බියක් නැතිනම් කොළඹ දිස්ත්‍රීක්කයට හෝ නාමයෝජනා ලබාදිය යුතුව තිබුණු බව සේනසිංහ මහතා කියා සිටියේය.

එහෙත් ඔහු කුමන දිස්ත්‍රීක්කයෙන් නාමයෝජනා ලබාදුන්නද තමාට වැඩියෙන් එක මනාපයක් හෝ ලබාගතහොත් තමන් දේශපාලනයෙන් ඉවත්වන බවට සේනසිංහ මහතා අභියෝග කළේය.

සොරකම් කරනු ලැබූ මිලියන 4000 ක මුදල් හැංගුවේ කොහේද කියා සොයන බවත්,ඩුබායි රටේ තැන්පත් කරනු ලැබූ මුදල් කාගේද යන්න සොයන බවත්,වානේ සංස්ථාව මිලදී ගනු ලැබුවේ කාගේ මුදල්වලින්දැයි සෙවිය යුතුව ඇති බවත් සේනසිංහ මහතා සිහිපත් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p