උපාධිධාරීන්ට වහා රැකියා ලබාදෙනු

July 9, 2015

රැකියා විරහිත උපාධිධාරීන් සඳහා වහාම රැකියා ලබාදෙන ලෙස ඉල්ලා  ඉදිරියේදී ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව උපාධිධාරී මධ්‍යස්ථානයේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා 08 පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 2012 වර්ෂයේ උපාධිධාරීන් බඳවාගැනීමේදී පැවති රජය යටතේ අසාධාරණයට ලක් වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් සිටින බවත් ඔවුන්ට රැකියා ලබාගැනීම සඳහා 2015. 01. 30 සිට සාකච්ඡුා ආරම්භ කිරීමෙන් පසු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ඊට අදාල අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක්ද ඉදිරිපත් කළ බවයි.  නමුත් අවසානයේ මුදල් අමාත්‍යවරයා විසින් ඊට අදාල අනුමැතිය ලබානොදීම නිසා මැතිවරණයට පෙර උපාධිධාරී සේවාවේ පුරප්පාඩු 7500 ක් පිරවීමට තිබූ අවස්ථාව මගහැරුණු බවත් එමගින් රැකියා විරහිත උපාධිධාරීනට බලවත් අසාධාරණයක් වූ බවත් පැවසීය.
රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාගැනීමත්අසධාරණයට ලක් වූ උපාධිධාරීන්ට ප‍්‍රමුඛතාවය ලබාගැනීමත්,බඳවාගැනීමේදී ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීමත් මුල්කරගනිමින් ඉදිරියේදී රටපුරා සියළු රැකියා විරහිත උපාධිධාරීන් පෙළගස්වමින් ක‍්‍රියාමාර්ග ඇරඹීමට කටයුතු කරන බවද මෙහිදී චන්දන සූරියආරච්චි මහතා පැවසීය.
IMG_0607

Sammy

Previous story Next story

Leave a comment

t

o

p