නැවතත් ෆිදෙල් කස්ත්‍රෝ කරළියට එයි

July 7, 2015

හිටපු කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ කියුබාවේ චීස් නිෂ්පාදකයින්ගේ රුස්වීමක් සඳහා සහභාගී වී ඇතැයි වාර්තා වේ.  මේ මාස 3කින් පසු ඔහු ප‍්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාවයි.  88 හැවිරිදි කස්ත්‍රෝ සහභාගීවූ රුස්වීම සඳහා චීස් නිෂ්පාදකයින් 19 දෙනෙකු සහභාගිවූ බවත් පැය 4ක කාලයක් පුරා එය පැවති බව කියුබානු කොමියුනිස්ට් පක්‍ෂයේ නිල පුවත්පත වන ග‍්‍රැන්මා පවසා තිබේ.

හවානා නගරයේ ගුවාටා ඕහි පිහිටා ඇති ආහාර කර්මාන්ත අමාත්‍යාංශයේ පර්යේෂණ ආයතනය තුළ පැවති මෙම හමුවේ ඡයාරූප තුළ ෆිදෙල් සාකච්ඡුා මඬුල්ල සමග අසුන්ගෙන සිටිනු දක්නට ලැබේ.

ග‍්‍රැන්මා පුවත්පත පවසා ඇත්තේ හිටපු කියුබානු නායකයා මෙහිදී ලෝක පෝෂණ ගැටළු, කාළගුණික විපර්යාසය හා යුද්ධයන් පිළිබඳව අදහස් දැක්වූ බවයි.

1991-1995 විශේෂ කාලපරිච්ෙඡ්දයට පෙර පැවති මට්ටම දක්වා චීස් නිෂ්පාදන මට්ටම් හා ගුණාත්මක තත්වයන් ඉහළ නැංවීමේ අවශ්‍යතාවයද ෆිදෙල් විසින් අවධාරණය කර ඇතැයි පැවසේ.  දිගින් දිගටම රෝගාතුර වීමෙන් පසු සිය සොයුරු රාවුල් කස්ත්‍රෝ වෙත පාලන බලය ලබාදෙමින් ෆිදෙල් 2006දී විශ‍්‍රාම යන ලදී.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p