ජනපති මෛත්‍රී විශාලම පාවාදීම සිදු කළා

July 6, 2015

පැවැති ඒකාධිපති පවුල් පාලනය පරාජය කිරීම සඳහා පෞද්ගලික අරමුණු රහිතව ඡන්දය දුන් හැටදෙලක්‍ෂයකට එරෙහි වෙමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මෑත කාලයේ විශාලතම පාවාදීම සිදුකළ බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (5 දා) ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරයා පරාජය කළ පසු ඔවුන්ගේ පාලන සමය තුළ සිදුකළ මහා පරිමාණ වංචා දූෂණවලට සම්බන්ධ පවුල් සහ පවුල වටා සිටි පිරිස හෙළිදරව් වෙමින් තිබූ බව ද ඉන්පසු ඔහුට ඡන්දය දුන් විශාල පිරිසක්‌ කලකිරී ඔහු වෙතින් ඉවත් වෙමින් සිටි බව ද ටිල්වින් සිල්වා මහතා කීවේය.

දූෂිත පවුල් පාලනය පරාජය කිරීම සාධාරණ බව සිතා හිටපු ජනාධිපතිවරයාගෙන් ඉවත්ව ගිය මේ පිරිසවත් වත්මන් ජනාධිපතිවරයා පාවා දුන්නා. විශාල අනතුරක්‌, අවදානමක්‌ දරමින් රාජපක්‍ෂ පාලනය පෙරළා දැමූ සියලු ජනතාව මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් පාවාදුන්නා…. යෑයි ද ටිල්වින් සිල්වා මහතා ඊයේ (05 දා) පැලවත්ත ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p