නාමයෝජනා බාරගැනීම හෙටින් ඇරඹෙයි

July 5, 2015

ඉදිරි මහ මැතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීම හෙටින් ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ අනුව ලබන 13 වැනිදා දක්වා නාමයෝජනා බාරගැනීමට නියමිතය ඇත.

මේ වන විට ස්වාධීන කණ්ඩායම් වලින් ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා සකස් කිරිම් මේ වන විට අවසන් අදියර පැමිණ  ඇති බව  වාර්තා වෙයි.

එම පක්ෂ අවසන් දෙදින තුළ නාමයෝජනා බාරදීමට සැලසුම් කර තිබේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ , දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් මේ වන විට නාමයෝජනා බාරදීම සඳහා සූදානමින් සිටින බව  වාර්තා වෙයි.

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි මැතිවරණ නීතිය බලාත්මක කිරිමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර ඇති අතර ඊට අදාළ නියමයන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දී තිබේ.

හෙට සිට මැතිවරණය පවත්වා සතියක් ගත වන තෙක් කිසිදු ආකාරයක පෙළපාලී සංවිධානය කිරීම තහනම් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ නාමයෝජනා බාරදෙන අවසන් දිනය තුළ දී රිය පෙරහැර පැවැත්වීම ද තහනම් බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p