ශ්‍රීලනිප තේරීම චමල්

July 2, 2015

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට යෝජනාවී ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

ඒ පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් චමල් රාජපක්ෂ මහතාගේ අදහස් විමසා ඇති බවත්, එහිදී තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව චමල් රාජපක්ෂ මහතා දැනුම්දී ඇති බවත් අමුණුගම මහතා කියා සිටියේ අද(02) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ශ්‍රීලනිපයේ කොටස් දෙකකගේ අවශ්‍යතා පිරිමසන්නට ඇති හෙයින් මධ්‍යස්ථ පාර්ශවයක් වෙතින් එවැනි යෝජනාවක් පැමිණි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් සන්ධානයේ සෙසු පක්ෂවල මතය ඒ පිළිබඳ විමසා මේවන තෙක් අවසන් තීරණයකට එළඹ නැති බව අමුණුගම මහතා අවධාරණය කළේය.

ශ්‍රීලනිපය මේවන විට පැහැදිලිවම දෙකඩවී ඇත්දැයි මාධ්‍යවේදියෙකු විසින් විමසන ලදුව ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දෙකඩවී නොමැති නමුත් විවිධ අදහස් දරන අය සිටින බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p