ඔයාගෙ දේවාලය නිසා කැලණියෙ හිටපු දෙවිවරුන් ගියා

July 2, 2015

කැලණිය රජමහා විහාරයේ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියට පැවැති ආශිර්වාද පින්කමට පැමිණි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට කිසිදු සැලකිල්ලක් ඇයගෙන් නොලැබීම හේතුවෙන් කෝප වූ මර්වින් සිල්වා මහතා පූජා භූමියෙන් පිටව ගොස් ඇත.

පින්කමට සහභාගී වීමට හිටපු ජනපතිනිය සවස 6ට කැලණිය පූජා භූමියට පැමිණීමට නියමිතව තිබුණත් ඇය පැමිණයේ රාත‍්‍රි 8ත් පසුවීය.

එතෙක් එහි රැදී සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා බෝධි පූජාමය පෙරහර සමග චන්ද්‍රිකා මහත්මිය අසලින් බුදු මැදුර වෙත ගමන් කලේය. අවස්ථා කිහිපයකදීම මර්වින් සිල්වා මහතා චන්ද්‍රිකා මහත්මියට යම් යම් දේ පැවසීමට වරින් වර උත්සාහ ගත්තත් ඇය ඒවා කනකටවත් නොගත් ස්භාවයක් දක්නට ලැබිණි.

අවසානයේ ඇය ගියේ කැලණිය විභීෂණ දේවාලයටය. මර්වින් සිල්වා මහතාද ඇය පසුපසින් ගොස් තම විෂ්ණු දේවාලය පිළිබදව චන්ද්‍රිකා මහත්මියට යමක් පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p