ජනපති සන්ධාන නායකයෝ කැඳවයි

July 2, 2015

එන මැතිවරණය ජයග‍්‍රහණය කිරීම නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අනිවාර්යෙන් අවස්ථාව දිය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්‍ෂ නායකයන් සියල්ලන් එක හඬින් කියා සිටියහ.

එසේ මහින්ද ඉල්ලා සිටි පිරිස අතරට ශ‍්‍රිලනිප මහ ලේකම් අනුර යාපා, ජාතික සංවිධායක හා සන්ධාන මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත, විපක්‍ෂ නායක නිමල් සිරිපාලද අයත් වූහ.

එහිදී ජාතික හෙළ උරුමය පමණක් කියා සිටියේ මහින්දට නාම යෝජනා දීමට තමන් විරුද්ද බවත් ඔහුට නාම යෝජනා ලබා දුනහොත් දැඩි දේශපාලන තීන්දුවක් ගන්නා බවත්ය.

අවසානයේ ඒ අති බහුතකර මතය නොතකමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතාට නාම යෝජනා ලබා දීමට තමන් විරුද්ද බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p