පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැතිවරණයට

July 2, 2015

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදියට මැතිවරණයට ඉදිරිපත් වෙන බව අද 01දින මරදානේ පෑවති මාධ්‍ය සාකච්ඡාවකදී එම  පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා පෑවසීය.

මේ මාධ්‍ය හමුව සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, දේශපාලන මණ්ඩල සභිකයන් වන චමීර කොස්වත්ත සහ දුමින්ද නාගමුව යන අය සම්බන්ධ විය.

එහිදී වෑඩිදුරටත් අදහස් දෑක්වු පුබුදු ජයගොඩ මහතා…

පෙරටුගමී සමාජවාදි පක්ෂය විදියට අද මෙම මාධ්‍ය සාකච්ඡාව කැදවනු ලැබුවේ මෙ වන විට රටේ ඇති වී තිබෙන දේශපාලන තත්වයත් එලබිලා තියෙන මහ මැතිවරණයත් සම්බන්ධ අපේ පක්ෂයේ ස්ථාවරය මාධ්‍යයට සහ රටට දැනුවත් කරන්න
මේ වන විට පාර්ලිමේන්තුව විසිරුවලා තියෙන්නේ. පාර්ලිමේන්තුව විසිරුවා හැරලා මහ මැතිවරණය කැදවීම ජනතාවට ජනග‍්‍රහන ගෙනදීම සඳහා කියල කිව්වට මොකද පාර්ලිමේන්තුව විසිරුවලා මහ මැතිවරණය කැදවීමම රටේ ජනතාවට තිබුන ප‍්‍රශ්න වැඩි කරන්න හේතු වෙලා තියෙනවා. මැතිවරණයට දින නියම වෙලා තියෙන්නෙ අගෝස්තු 17 වෙනිදාට. 17 වෙනිදාට දින නියම වීම විසින් අපොස උපෙල විභාගය දෙකට කඩලා විභාග දෙක අතර සති දෙකක පරතරයක් තියලා විභාගය ලියන ලමයින්ගේ මනොභාවය අවුල් කරල තමයි මැතිවරණය ඇවිල්ලා තියෙන්නේ. මහ බැංකු බැදුම්කර නිකුතුව සම්බන්ද වංචාව ගැන කොප් වාර්තාවක් එන්න තියෙද්දි තමයි පාර්ලිමේන්තුව විසිරුවේ. දැන් ඒ ගැන දැනගන්න ජනතාවට ඇති අයිතියත් අහිමි කරලා තමයි මැතිවරණය ඇවිල්ලා තියෙන්නෙ.
ඉදිරියට එන්න තියෙන මැතිවරණය ජනවාරි 8 පැවති ජනාධිපතිවරණයත් සමග මෙම සම්බන්ධයි. මේකට කිවුවා දේදුනු විප්ලවය කියලා. එහෙම කියපු එක නිවැරදියි. මොකද දේදුන්න කියන්නෙ දෘෂ්ඨි මායාවක්. එහි මොකුත් භෞතික දෙයක් නෑ. ඒ වගේම තමයි මේ වුනා කියන ඊනියා විප්ලවයත්. දැන් සමහරු බලාගෙන ඉන්නවා මේ වෙච්ච විප්ලවේ ඉතිරි ටික අගෝස්තු 17 වෙනිදට සම්පූර්ණ වෙයි කියලා. පසුගිය ජනාධිපතිවරණයේදී වමේ පෙරමුණ විදියට අපි කිව්වා ජනවාරි 8න් පස්සේ වෙනසක් වෙන්නේ නෑ. වෙන්නේ මූණු මාරුවක් විතරයි. මූණු මාරුවකින් මේ ප‍්‍රශ්නෙ විසදන්න බෑ කියලා. ජනවාරි 08 වෙනසක් කරනවා කියපු අය දැන් කියනවා අගෝස්තු 17 වෙනසක් වෙනවා කියලා. ඒත් අපි කියනවා 17 වෙනිදටත් රටේ පීඩිත ජනතාව මුහුණ පාලා ඉන්න ආර්ථික, සමාජීය, දේශපාලන, සංස්කෘතික පාරිසරික ගැටලූ කිසිවකට විසදුම් ලැබෙන්නෙ නෑ කියල. ඒ වෙනුවට ඒවා තවදුරටත් වැඩි වීමට නියමිතයි.
ජනාධිපතිවරණයෙන් පස්සේ අලූත් වටයකින් ප‍්‍රශ්න පටන්ගත්තා වගේ මහ මැතිවරණයෙන් පස්සේ අලූත් වටයකින් අලූත් තලයකින් මේ ප‍්‍රශ්න වර්ධනය වීමට නියමිතයි. මොකද නව ලිබරල් ධනවාදී ප‍්‍රතිපත්ති තමයි තවමත් කි‍්‍රයාත්මක වෙන්නෙ. අනිත් කාරනය තමයි අපේ රටවල් වල නව ලිබරල් ධනවාදය කි‍්‍රයාත්මක වෙන්නේ පසුගාමීත්වයත් එක්ක අත්වැල් බැඳගෙන. ඒ සමග එනවා ආගම්වාදය, ජාතිවාදය. මේකට හොඳම උදාහරණය වුයේ පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය. එම පාලනය වේගයෙන් නව ලිබරල් ධනවාදී ආදී ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාත්මක කලා. අධ්‍යාපනය, සෞඛ්‍ය වෙළද භාන්ඩයක් කරන්න, අවම වශයෙන් හරි ජනතාව සටන් කරල ජයග‍්‍රහණය කළ සමාජ ආරක්ෂණ සේවා නැති කරන්න, කොළඹ දුප්පතුන් පිටමන් කරලා සුපිරි සංචාරක පාරාදීසයක් කරන්න, ණය අරගෙන අධිරාජ්‍යවාදී පාලකයන් මත නැටවෙන රූකඩයක් බවට පත් කරන්න මහින්ද පාලනය කටයුතු කරමින් සිටියා. එහෙම ක‍්‍රියාත්මක වෙන අතර ඒකට සම්බන්ධ වෙලා තිබුනා උග‍්‍ර ජාතිවාදය. මහින්ද මහත්තයගේ පළවෙනි ධූර කාලයේ ඉඳලා අවසානය දක්වාම නිර්ලජ්ජිත ලෙස ආගම්වාදයත්, ජාතිවාදයත් පාවිච්චි කලා. එක පැත්තකින් තමිල් ජනතාවට විරුද්ධව යුද්දෙන් පස්සෙත් ජාතිවාදය පාවිච්චිකලා, යුද්ධෙන් පස්සේ දිව්වේ ජාතිවාදයෙන්. ඒකේ බල බිදුනම මුස්ලිම් ජනතාවට විරුද්ධව ආගම්වාදය පාවිච්චි කලා. අලූත්ගම විනාශය වෙලා අවුරුද්දයි. ඒ වගේම ඒකත් එක්ක සම්බන්ධ වෙලා තිබුන ඥාති සංග‍්‍රහය. මහා පරිමාණ වංචා දූෂණ තිබුනා. ඒ විතරක් නෙමෙයි ප‍්‍රදේශීයවාදයටත් ගියා. ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණශාලා, වරාය ගුවන් තොටුපලවල් හැදුවේ හම්බන්තොට. ඊට පස්සේ පැරණි රාජ්‍යත්වය පිළිබද තිබුන අදහස ගෙනල්ලා මහරජානෝ කියාගෙන අන්තිම නරක නින්දිත විදියට ජනතාව තුල තිබෙන පසුගාමී ලක්ෂණ යොදා ගත්තා.ඒ නිසා තමයි පසුගිය කාලේ දිගටම මහින්ද දිනුවේ.
මේක කලේ මහින්ද විතරක් නෙමෙයි. ආගමික නායකයෝ, අධ්‍යාපනඥයෝ, විශ්වවිද්‍යාල ආචාර්්‍යවරු, සමාජ මත සකසන්නෝ කියන අය, විශේෂයෙන් සමහර කලාකරුවෝ, ජනමාධ්‍ය ඉතා ප‍්‍රමුඛ මැදිහත්වීමක් කරලා තමයි මේ පසුගාමීත්වයන් සියල්ල නඩත්තු කලේ.හැබැයි මේ ඥාති සංග‍්‍රහයට, වංචා ¥ෂණ වලට, ජාතිවාදයට ආගම්වාදයට ප‍්‍රතිවිරෝධයක් තිබුනා සමාජයේ මිනිස්සුන්ගේ ජීවිත තුළ. ඒක ප‍්‍රකාශ වෙච්ච විදිය තමයි ජාතික පීඩනය, ආර්ථික පීඩනය. එකේ ප‍්‍රතිඵලයක් විදියට තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලීම, ඒකාධිපතිත්වය එපා කියන එක ගැන සංවාදයක් සමාජය තුළ මතු වුනේ. මෛතී‍්‍ර-රනිල් හවුල ඒ ප‍්‍රතිවිරෝධය පාවිච්චි කරලා තමයි බලය ගත්තේ. හැබැයි ඒ ගොල්ල ප‍්‍රවේශම් වුනා නව ලිබරල් ධනවාදය මතු කරපු ප‍්‍රශ්න යට ගහලා වෙන ප‍්‍රශ්න සමාජයට ඒත්තු ගන්වන්න. මහින්දගේ කාලේ ජනතාවට එල්ල වෙච්ච ප‍්‍රශ්න ඒ ගොල්ල සාකච්ඡුාවට ගත්තේ නෑ. මහින්දට විරුද්ධව තීරනාත්මකව සටන් කලේ විශ්වවිද්‍යාල ආචාර්යවරුයි, සෝභිත හාමුදුරුවොයි කලාකරුවොයි නෙමෙයිනේ. එහෙම කලේ පීඩිත පන්තික ජනතාව. හැබැයි ඒ ගොල්ලන්ගේ ප‍්‍රශ්න ජනධිපතිවරන කාලේ කතා කලේ නෑ.
කටුනායක කම්කරුවට තිබුන ප‍්‍රශ්නේ රොෂේන් චානක මැරිලා පෙන්වපු ප‍්‍රශ්නේ, පෞද්ගලික අංශයේ සේවකයන්ගෙ සමාජ ආරක්ෂණය පිළිබඳ ප‍්‍රශ්නෙ,ඇන්ටනීලට මැරෙන්න සිද්ධ වෙච්ච හලාවත ධීවරයින්ගේ ගැටලූව,ජානක සිසිතලාට තමන්ගෙ ජීවිත වලින් වන්දි ගෙවන්න වෙච්ච ශිෂ්‍ය ව්‍යාපාරයේ ප‍්‍රශ්නෙ, රතුපස්වල ජනතාව ආර්ථික ක‍්‍රමය විසින් ඇතිකරපු පරිසර දූෂණයට එරෙහිව තුන්දෙනෙක්ගේ ජිවිත පවා පුදදීලා කරපු අරගලයට අදාල ප‍්‍රශ්නේමේ ප‍්‍රශ්න කිසි දෙයක් ගැන ජනාධිපතිවරන කාලේ කතා කලේ නෑ. වනාතමුල්ල, දෙමටගොඩ මැද කොළඹ කොම්පඥඥවීදියේ ජනතාව ගෙවල් වලින් එලවද්දි ඒවා ගැන කතා කලේ නෑ. ගේම් ගහල බලයට ආවා. මේ ප‍්‍රශ්න වලට මුහුණ දීලා ඒවා විසදන්න වැඩපිළිවෙළක් ඔවුන්ට තිබුනේ නෑ. එජාප හෙළ උරුමය දෙජාස ජවිපෙ වගේ මේ පාලනය ගේන්න උපරිම කඬේ ගිය අය කාටවත් එහෙම උවමනාවක් මේ දේවල් එක්ක හැප්පෙන්න ධෛර්යයක් තිබ්බේ නෑ
ඉතින් අවසානෙට වෙච්ච දේ තමයි මේ හැම දේම අගතීන් කලමනාකරණය කලා. මහින්දගේ ඥාති සංග‍්‍රහයට විරුද්ධ වෙච්ච අය අවසානේ ටෙලිකොම් ආයතනයේ සභාපති කලේ කවුද? මෛති‍්‍රගේ සොහොයුරා. ඊට පස්සේ රවිගේ මස්සිනා රක්ෂණ සංස්ථාවට, මෛති‍්‍රගේ යාලූවා මහ බැංකු අධිපති කලා
හොරු ඇල්ලූවා කිව්වට කවුරුත් ඇල්ලූවේ නෑ. හොරු අල්ලලා හෝදලා පිිරිසිදු කරලා නිදොස් කලා. ලොකු හොරුන්ගේ ලොකු හොරකම් වෙනුවට පොඩි හොරකම් ගැන කතා කලා. ජොන්ස්ටන්ට බැසිල්ට තිබ්බ චෝදනා මොනවද? හොරු නිදහස් කරන එකයි කලේ. දැන් හොරු කියයි උසාවි වලින් නිදහස් වෙලා ඇවිල්ලා අපි හොරකම් කලේ නෑ කියලාඒ වෙනුවට අලූත් හොරු හැදුනා. මහ බැංකු වංචාව ඉතිහාසයේ ලොකුම වංචාවක්
ඊට පස්සේ තමිල් ජනතාවගේ ගැටළුවලට කිසිදු විසදුමක් දුන්නේ නෑ. ඒ වෙනුවෙන් අවම ප‍්‍රවේශයක්වත් ගත්තේ නෑ. ඒ වෙනුවට කලේ යුද කදවුරු එකක්වත් අයින්කරන්නේ නෑ. මහින්ද තමයි යුද කඳවුරු 58ක් ඉවත්කලේ කියල කිව්වා. එතකොට මිලිටරිකරණය කලේ මහින්දද රනිල්ද? ඇයි උතුරේ ජනතාව මෙ අයට ඡුන්දේ දුන්නේ? මේ අය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ලොකු සාකච්ඡුාවක් ගෙනාවා. නමුත් මාධ්‍යවේදීන් ඝාතනය එක්නැලිගොඩ, ලසන්ත ඝාතනය ගැන පරික්ෂණ කෝ. වැලිකඩ සිද්ධිය, නිමලරූබන් ඩෙල්රුක්ෂාන්ලට වෙච්ච දේ ගැන පරීක්ෂණ කෝ. අන්තිමට කලේ දුන්න පොරොන්දු ඉටු කරනවා වෙනුවට කළේ පැය සැකකරුවන් පැය 48ක් රදවා ගැනීමේ පනත මෛත‍්‍රිපාලත් අත්සන් කලා 2017 වෙනකන්. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නය ව්‍යවස්ථා සංසෝධනයකට ලඝු කලා. දේශපාලන ඝාතන පිළිබද, අත්අඩංගුවේදී ඝාතනය වීම්, ඉඩම් පැහැරගැනීම්, දේපල පැහැර ගැනීම්, වද හිංසා කිරීම් ගැන ප‍්‍රශ්නය, නාවික හමුදා කදවුරු වල මිනිමැරීම් ගැන ප‍්‍රශ්න ගැන කිසිම කතාවක් නෑ.ඒ වෙනුවට අලූත් ප‍්‍රශ්න හැදුවා.
ජනතා උද්ඝෝෂණ වලට දිගින් දිගටම පහර දුන්නා. දඹුල්ල පැල්වෙහෙර ගොවීන්ට, මාර්තු 31 වෙනිදා ශිෂ්‍ය ව්‍යාපාරයට, අපේ‍්‍රල් 29 ශිෂ්‍ය භික්ෂූන්ට, ජූනි 01 යාපනයේ විද්‍යා ඝාතනයට විරුද්ධ වෙච්ච ජනතාවට, මීතොටමුල්ල කුණු කන්දට එරෙහි වෙච්ච ජනතාවට, රත්නපුර කොටකෙතන ඝාතන වලට එරෙහිව පහරදීම, දෙහිඅත්තකන්ඩිය ගොවීන්ට පහර දුන්නා.වෙනසක් වෙනසක් කියල කිව්වා. කිසිම වෙනසක් නෑ. එක්ටැම් ගෙවල් වල ඉන්න අයට එහෙම ඇති. හැබැයි මහ පාරේ සටන් කරන අයට එහෙම නෑ. ඒ වෙනුවට නව ලිබරල් ධනවාදී ප‍්‍රතිපත්තියම ඉදිරියට ගෙන ආවා. සමාජ සුබසාධන කැපුවා, අධ්‍යාපනය විකිනීම නීතිගත කරලා චක‍්‍රලේක නිකුත් කලා, ඊනියා ඖෂධ පනතක් ගෙනල්ලා ඹෞෂධ ජාවාරම නීතිගත කලා. ඇත්තටම වුනේ මොකක්ද. සමෘද්ධිය 2000 කින් වැඩි කරනවා කිව්වා. ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව මාසෙකින් පහු කලා. මේ දේවල් කලේ සල්ලි නැතිව නෙමෙයි. මේ තමයි ප‍්‍රමුඛතා හදලා තියෙන විදිය. ඒ අතර උපරිම ණය ගත්තා. මහින්දගේ ආණ්ඩුව ගිය අවුරුද්දේ ගත්ත ණය ප‍්‍රමාණයට වඩා ණය ප‍්‍රමාණයක් ගත්තා දැන් ප‍්‍රශ්නෙ තියෙන්නෙ මෛත‍්‍රිපාල ශ‍්‍රිලනිප නායකයා. ශී‍්‍රලනිප සියලූ කුණුත් එක්ක තමයි බාර ගත්තෙ. අර තිබිච්ච නව ලිබරල් ලක්ෂණ, ඥාති සංග‍්‍රහ, වංචා දුෂණ, ජාතිවාදය, ආගම්වාදය කියන ඔක්කොමත් එක්ක මේක පවත්වාගෙන යන්නෙ ඞීල් ගහලා. මේවා ගැන පුදුම වෙන්න දෙයක් නෑ. මහින්ද රාජපක්ෂ නැවත එන එක ගැනත් එහෙමයි.
අපි කිව්වා නව ලිබරල් ධනවාදයේ වෙනසක් නැතුව මෙහෙමම තියෙද්දි ජනතාවගේ ප‍්‍රශ්න වලට උත්තර දෙන්න බෑ කියල.ඒ ගොල්ල කිව්වා මේක මේ විදියටම තියෙද්දි වෙනසක් කරනවා කියලා. සමහර ලිබරල්වාදීන් හිටියා මෛත‍්‍රිට උදව් කරපු. ඒ ගොල්ල ගැන අපිට ලොකු විවේචනයක් තියෙනවා. ඒ විවේචනය එහෙමම තියෙද්දිත් ඒ ගොල්ලන්ට කරන්න පුළුවන් අවම මැදිහත් වීමවත් කළේ නෑ. විදායක බලතල අඩු කරන එක ගැනවත් මොකුත්ම කලේ නෑ. අවසාන ශේෂ පත‍්‍රය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රතිඵලයමයි. අද දවසේ පත්තර වල තියෙන්නේ බල පොරය ගැන. ජනතාවට ඒත්තු ගන්වන්න යනවා ප‍්‍රශ්නය තමයි මෛත‍්‍රී මහින්ද ගැටුම කියලා. වෙන මොකුත් නෙමෙයි. මේ කලේ ජනතාවගේ අපේක්ෂාවන් පාවිච්චි කරලා මේ අයගේ බල පොරය.
රනිල් පරිනත වුනා කියලා ධනවාදේ ගැටළු විසදන්න බෑ. විමල්ට වඩා වාචාලයෝ අපට ඉන්නවා කියලා එජාපය පෙන්නන්න උත්සාහ කරනවා. ඇත්තටම වෙලා තියෙන්නෙ මහින්ද පරාජය කිරිමෙන් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච අභිප‍්‍රායන් සියල්ල කඩ කරලා තියෙන්නේ.මහින්ද ආයෙත් ඔලූව උස්සන් එනවා. මහින්දගේ තිබිච්ච ඥාති සංග‍්‍රහය ඇතුළු කුණු ගොඩවල් සියල්ල ආයෙත් කරලියට ඇවිල්ලා. දැන් කුණු ගොඩවල් ගොඩක් ඇවිල්ලා තියෙනවා. එදා පවුල්, මෙදා හවුල් රටම අවුල් බලාපොරොත්තු වෙච්ච දේ වෙලා නෑ
ඒ නිසා ඇත්ත ප‍්‍රශ්නය ජනතාවට කියන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදියට මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙන්නේ මේකෙන් පස්සේ ස්වර්ග රාජ්‍යය පහල වෙනවා කියල අපි විශ්වාස කරන නිසා නෙමෙයි. ඒ වගේම පිරිසිදු පාර්ලිමේන්තුවක් හදන්න හරි නෙමෙයි. අපි නිශ්චිතව කියනවා අපේ අය පාර්ලිමේන්තු ගියා කියල මේක ඇතුලේ වෙනසක් කරන්න බෑ. මහජනතාවගේ සටන් නියෝජනය කරන මහජන නියෝජිතයෙක්ගේ කාර්්‍යයභාරය කරන්න පුළුවන් වෙයි. අයවැයේදී, පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරන්න කියලා පනතක් ගෙනත්, සෞඛ්‍ය වෙළද භාන්ඩයක් කරද්දි, 19 එද්දි කරපු මැදිහත් වීම ඇතුලේ අපි ඒ සටන නියෝජනය කලා. අපි ඉදිරිපත් වෙන්නේ සමාජය තුළ දේශපාලන සංවාදය පුළුල් කරන්න. ඇත්ත ප‍්‍රශ්න ජනතාවට ඒත්තු ගන්වන්න. ඒ වගේම ජරාජීර්න වෙච්ච සමාජයට විකල්පය මොකක්ද කියන්න.
ඒ අනුව අපි එදා පවුල් මෙදා හවුල් රටම අවුල් සැබෑ වෙනසක් වමේ බලයක් යන තේමාව යටතේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 8 වෙනිදා වෙනසක් වුනාද නැද්ද. එසේ නම් අවශ්‍ය වෙනස මොකක්ද? ඒ වෙනස හදන්න අවශ්‍ය බලය මොකක්ද? මේ ප‍්‍රශ්න ගැන සංවාදයක් හදන්න අපි ඉදිරිපත් වෙනවා. අපි සියලූ දිස්ත‍්‍රික්ක වලට නාම යොජනා දෙන්න බලාපොරොත්තු වෙනවා. මැතිවරණ නාම යෝජනා කමිටුවක් පත් කරලා තියෙනවා. එහි සමාජිකයන් වන්නේ සේනාධීර ගුණතිලක චමීර කොස්වත්ත රවීන්ද්‍ර මුදලිගේ අජිත් කුමාර යන සහෝදරවරු.
අපි බලාපොරොත්තු වෙනවා රටපුරා රැුස්වීම්, ජනහමු, ගෘහස්ත සාකච්ඡුා හා විකල්ප ප‍්‍රචාරන ආකෘති භාවිතා කරනවා. අපි මැතිවරණයට පෙර ජනතා දැනුවත් කිරීම් කලා. ඒ කටයුත්ත තවදුරටත් ඉදිරියට ගෙනයනවා. අපේ පක්ෂයේ ඡන්ද ලකුණ ලෙස කුලූගෙඩිය ලකුණ යොදා ගැනීමට මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලලා තියෙනවා. අපිට අදාල නෑ මෛත‍්‍රි මහින්ද තරහයිද රනිල් මෛත‍්‍රී තරහයිද කියන කාරනය . ඒ වෙනුවට දෙවන මහින්ද කෙනෙක් ඇවිල්ලා වැඩක් නෑ. ජනතාවගේ බලයක් ගොඩ නගන්නේ කොහොමද කියන එක ගැනයි අපි සලකන්නේ.

 

1

Sammy

Previous story Next story

Leave a comment

t

o

p