දෙවන ලෝක යුද්ධයේදී ලෙනින්ග‍්‍රාද් වැසියන් නොමැරී බේරුණේ ජාන විකෘතියකින්

July 2, 2015

දෙවන ලෝක යුද්ධයේ අතිශය ඛේදවාචී අවස්ථාවක් ලෙස සැලකෙන නාසි හමුදාවන් විසින් රුසියාවේ ලෙනින්ග‍්‍රාද් නගරය වැටලීමට මුහුණදී දිවි ගලවාගත් වැසියන්ට ඒ සඳහා ජාන විකෘතියක් ඉවහල් වී ඇති බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

වසර 15කට පමණ පෙර ශාන්ත පීටර්ස්බර්ග්හි නාරි හා ප‍්‍රසවවේද පිළිබඳ ඔට් පර්යේෂණායතනයේ මහාචාර්ය ඔලෙග් ග්ලොටොව් විසින් ආරම්භ කරන ලද මෙම පර්යේෂණය තුළින් වියපත් වීම හා දිගු කලක් ජීවත් වීම පසුපස ඇති ජාන විද්‍යාත්මක හේතු සාධක පිළිබඳව අවධානය යොමු කෙරිණි.

මේ සඳහා ඔවුන් විසින් වයෝවෘද්ධ පුද්ගලයින් 200කගේ පමණ රුධිර සාම්පල ලබාගෙන ඇති අතර එහිදී පෙනී ගොස් ඇත්තේ ලෙනින්ග‍්‍රාද් වැටලීමෙන් දිවි බේරාගත් පුද්ගලයින් අතර සුවිශේෂී ජාන සැකැසුමක් දක්නට ලැබෙන බවයි.

පෙරොක්සිසෝම් ප‍්‍රගුණක ප‍්‍රතිග‍්‍රාහක පවුලේ හා නොබෙදෙන ප්‍රෝටීන පවුලේ ජාන දෙකක මෙම සුවිශේෂී රටාව සොයාගෙන ඇති අතර එමගින් සිරුරේ උනුසුම පවත්වාගැනීමට අවශ්‍ය ශක්තිය අවම කරන බව හෙළිවී තිබේ.

1041 සැප්තැම්බර් 8 සිට 1944 ජනවාරි 27 දක්වා දින 872ක කාලයක් නාසි හමුදා විසින් වටලනු ලැබූ ලෙනින්ග‍්‍රාද් නගරයේ වැසියන්ට ලබාදෙන ආහාර ප‍්‍රමාණය එක් අවස්ථාවකදී දිනකට පාන් ග‍්‍රෑම් 125ත් දක්වා පහත හෙළන ලදැයි පැවසේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p