පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යාපනය කාර්යාලය විවෘත කිරීම

June 30, 2015

ජුනි මස 30වැනිදා උදෑසන 10ට පමණ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යාපනය කාර්යාලය යාපනය, ස්ටැන්ලි පාරේ, ආරියකුලම්හි විවෘත කෙරිණි. පීත්ත පටිය කපා එය විවෘත කරනු ලැබුවේ පසුගිය කාලයේ පැහැරගැනීමට ලක්වූ මුරුගානන්දන් කුහන්ගේ දියණිය වන සාරංගා විසිනි. මෙම අවස්ථාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, එහි ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ, ජන අරගල ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික ධර්මලිංගම් කිරුබාහරන් ඇතුළු යාපනයේ පැරණි වාමාංශිකයන්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන්, මාධ්‍යවේදීන්, විශේෂ ආරාධිතයන් ඇතුළු පිරිසක් සහභාගී විය.
එහිදී කතා කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක

අදදින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලය විවෘත කරනු ලැබුවේ කොමියුනිස්ට් පක්ෂයේ චීන පාර්ශවයේ ශන්මුගදාසන්සහෝදරයාගේ කාර්යාලය පිහිටා තිබු ස්ථානයේම බවත් මෙය යාපනයේ වාමාංශික දේශපාලන ඉතිහාසයේ වැදගත්ම ස්ථානයක් බවත් පැවසීය. අද දින යාපනයේදී ආරම්භ කරනුයේ වසර 80ක් පැරණි ලාංකීය වාමාංශික ව්‍යාපාරයේ සාධනීය උරුමයන් උකහා ගන්නා අතරම එහි සීමාවන් ජයගන්නා නව වාම දේශපාලනය බවත් වැඩිදුරටත් පැවසීය. පීඩිත පන්ති ජනතාවගේ ජීවිතත් සමස්ත සමාජය සහ සොබා දහමත් ගොදුරුවී ඇති විනාශකාරීත්වයත් අර්බුධයත් හමුවේ විකල්පය ඉදිරිපත් වන්නේ වාම දේශපාලනය තුලින් පමණක් බවත් එහිදී ප්‍රකාශ විය. සේනාධීර ගුණතිලක වැඩිදුරටත් පවසා සිටියේ ජාතිවාදයේත් සභාගවාදයේත් අවස්තාවාදයේත් ගිල්වා පාවාදීමට සහ පසුබැසීමට හසු කර ඇති වාම ව්‍යාපාරය යලි ගොඩනැගීමෙන් පමණක් වත්මන් අර්බුධයට පිළිතුරු සපයා ගත හැකි වන බවය. ඒ දේශපාලනය යාපනයේ ජනතාවට සමීප කරවීමේ නියමු කාර්යභාරය අද දින මෙම නව කාර්යාලය විවෘත කිරීමත් සමග වඩාත් ශක්තිමත් වන බවද ඔහු පැවසීය.
ජන අරගල ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික ධර්මලිංගම් කිරුබාහරන්ද මෙම අවස්තාව අමතා කතා කළ අතර පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ ඡායාරුපමය සටහන් කිහිපයකි.

FLSP-jaffna-office-opening-20150630-05 FLSP-jaffna-office-opening-20150630-06 FLSP-jaffna-office-opening-20150630-07 FLSP-jaffna-office-opening-20150630-08 FLSP-jaffna-office-opening-20150630-09 FLSP-jaffna-office-opening-20150630-10 FLSP-jaffna-office-opening-20150630-11 FLSP-jaffna-office-opening-20150630-12 FLSP-jaffna-office-opening-20150630-13 FLSP-jaffna-office-opening-20150630-14 FLSP-jaffna-office-opening-20150630-15 FLSP-jaffna-office-opening-20150630-16 FLSP-jaffna-office-opening-20150630-17 FLSP-jaffna-office-opening-20150630-18 FLSP-jaffna-office-opening-20150630-19 FLSP-jaffna-office-opening-20150630-20 FLSP-jaffna-office-opening-20150630-21 FLSP-jaffna-office-opening-20150630-001 FLSP-jaffna-office-opening-20150630-01 FLSP-jaffna-office-opening-20150630-002 FLSP-jaffna-office-opening-20150630-02 FLSP-jaffna-office-opening-20150630-03 FLSP-jaffna-office-opening-20150630-04

Sammy

Previous story Next story

Leave a comment

t

o

p