සෝමවංශ ජනතා සේවක පක්‍ෂය පිහිටුවයි

June 28, 2015

ජ.වි.පෙ. තමන්ගේ කාර්යබාර්යය අත්හැර දමා ඇති බව ජනතා සේවක පක්‍ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ  “ජනතා සේවක පක්‍ෂය“ නම් වු නව පක්ෂයේ  ප්‍රථම මහ සමුළුව  ඇමතු අවස්ථාවේදීය‍.

ජ.වි.පෙ. ස්ථාපිත කරන ලද්දේ කැසිනෝ කාරයෝ , කළු සල්ලිකාරයෝ මෙන්ම,  අවි ජාවාරම් කාරයෝ සමඟ එසේත් නොමැති නම් එ.ජා.ප. සමඟ ගනුදෙනු කිරීමට නොවන බවත්,  එම ගණුදෙනු මේ වන විට පැහැදිලි වන බවත් ඒ මහතා එම අවස්ථාවේදී කියා සිටියේය.

එසේම ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායකලා මෙන්ම ජ.වි.පෙ. ඉහත පුද්ගලයින් පිළිබඳව කිසිදු වචනයක්වත් මේ වන විට නොකියන බවත්, මේ වන විට  එම පක්ෂය දේශපාලන අන්දභාවයෙන් පෙළෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p