ටී.බීගෙන් පැය 3ක් තිස්සේ ප්‍රකාශයක් අරන්

June 26, 2015

හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක මහතාගෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේ  මධ්‍යම  සංස්කෘතික අරමුදලේ සිදු වූ බව කියන අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔහු අද පෙරවරුවේ කැඳවූ බවයි.

2013 සහ 2014 වර්ෂවලදී මෙම අක්‍රමිකතා සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p