ආහාර හිඟය මත 2040දී සමාජය බිඳ වැටීමේ අවදානමක්

June 26, 2015

අඛණ්ඩව ගෝලීය ආහාර අවශ්‍යතාවය සැපිරීමට නොහැකිවීම හේතුවෙන් මතුවන සාගිනි කැරලි මගින් 2040 පමණ වන විට සමාජය බිඳ වැටීමේ අවදානමක් පවතින බව බි‍්‍රතාන්‍ය පර්යේෂකයින් පිරිසක් පවසා ඇතැයි වාර්තා වේ.

ඇන්ග්ලියා රදස්කින් විශ්වවිද්‍යාලයේ ගෝලීය තිරසාර පැවැත්ම පිළිබඳ ආයතනය හා ඒකාබද්ධව ලන්ඩනයේ ලොයිඞ්ස් රක්‍ෂණ සමාගම විසින් සකස් කර ඇති වාර්තාවක් මගින් දක්වා ඇත්තේ දේශගුණික විපර්යාසයන්, ජල හිගය, ගෝලීයකරණය හා දේශපාලන අස්ථාවරත්වය ඉහළ යාම විසින්ද මෙම තත්වය උග‍්‍ර කරනු ඇති බවයි.

රටවල් සංවර්ධනය වීම සමග පාරිභෝගික රටාවන් වෙනස් වීමත් ලෝක ජනගහන වර්ධනයත් සමග ගෝලීය ආහාර පද්ධතිය ඉතාමත් අස්ථාවර තත්වයකට පත්ව ඇති බවද පර්යේෂකයින් පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසා ඇත්තේ ආහාර ඉල්ලූම හා සැපයුම අතර පරතරය අවම කිරීම සඳහා 2050 වන විට ලෝක කෘෂිකාර්මික නිෂ්පාදනය දෙගුණයකින් වර්ධනය කළ යුතුව ඇති බවයි.

මේ වන විට පවතින ප‍්‍රවණතාවය 2040 දක්වා දීර්ඝ කළ විට සාගිනි කැරලි ඇතිවීම නොවැළැක්විය හැක්කක් ලෙස පෙනී යන බව ගෝලීය යහපැවැත්ම පිළිබඳ ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය ඇලෙඞ් ජෝන්ස් පවසා තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p