රට සංවර්ධනය කළ යුත්තේ පරිසරයත් වනසතුනුත් ආරක්ෂා කරගනිමින්

June 24, 2015

සංවර්ධනය කටයුතු සිදු කිරීමේ දී පරිසරය ද වනසතුන් ද ආරක්ෂා වන අයුරින් එම ව්‍යාපෘති දියත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු ප්‍රගති විශ්ලේෂණ විශේෂ හමුවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.
ඉදිරි වසර පහේ දී පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති සහ විශේෂ වැඩසටහන් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.
දිස්ත්‍රික් සංවර්ධන ඉලක්කයන් ලගා කර ගැනීමේ දී වාරිමාර්ග හා කෘෂිකර්ම නිෂ්පාදනයන් ඉහළ නැංවීම, මහාමාර්ග සංවර්ධනය, අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ භෞතික හා මානව සම්පත් අවශ්‍යතා සම්පූර්ණ කිරීම මෙන් ම වෙනත් යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.
රටක් ලෙස අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයන්ගේ අවශ්‍යතා සැපරීමේ දී ග්‍රාමීය පළාත් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
ඉදිරි වසරක කාලයක් තුළ දිස්ත්‍රික්කයේ ගුරු හිඟය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂ වැඩපිළිවළක් සකස් කළ යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මේ අතර විසල් පොලොන්නරුව නමින් ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති නගර සැලසුම්කරණ ව්‍යාපෘතිය මගින් තෝරාගත් නගර කිහිපයක් දියුණු තාක්ෂණික නගරයන් බවට පත් කිරීමට ද මෙහිදී යෝජනා විය.
දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් මෙන්ම විවිධ ක්ෂේත්‍රයන්ගේ අවධානය යොමු විය යුතු කරුණු සම්බන්ධයෙන් මෙම වැඩසටහනට සහභාගී වූ නිලධාරීන් සහ දේශපාලනඥයන් විසින් ජනාධිපතිතුමාට කරුණු ඉදිරිපත් කළහ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p