JF-17 පකිස්තාන ප‍්‍රහාරක යානාවේ පළමු විදෙස් ගැණුම්කරු ශ‍්‍රී ලංකාවයි

June 24, 2015

JF-17 තන්ඩර් ප‍්‍රහාරක යානයේ පළමු විදෙස් ගැණුම්කරු ශ‍්‍රී ලංකාව බව අනාවරණය වී තිබේ.  පකිස්ථාන ගගන විද්‍යා සංකීර්ණය හා චීනයේ චෙන්ඩු ගුවන්යානා සමාගමේ ඒකාබද්ධ නිපැයුමක් වන මෙම ප‍්‍රහාරක යානය FC-1 ෂියාඔලොන්ග් හෙවත් ෆියර්ස් ඩ‍්‍රැගන් (ප‍්‍රචණ්ඩ මකරා) ලෙසද හැඳින්වේ.

පකිස්ථාන මාධ්‍ය ආයතනයක් වාර්තා කර ඇත්තේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම යානා 18-24 අතර ප‍්‍රමාණයක් මිලදී ගැනීමට නියමිත බවයි.

පසුගියදා 51වන පැරිස් ගුවන් සංදර්ශනයට සහභාගීවූ JF-17 යානයේ පළමු විදෙස් ගැණුම්කරු ආසියානු රාජ්‍යයක් බව මින් පෙර පැවසිණි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අණදෙන නිලධාරියකු සිය කාර්යාලය තුළ JF-17 යානයේ ආකෘතියක් රඳවා ඇති ඡයාරූපයක් පළවීම සමග එම ආසියානු රාජ්‍යය ශ‍්‍රී ලංකාව විය හැකි බවට මත පළවිය

පකිස්ථාන ගුවන් හමුදාව නිවේදනය කර ඇත්තේ 2017 වසරේ සිට ශ‍්‍රී ලංකාවට ෆියර්ස් ඩ‍්‍රැගන් යානා සැපයීම ආරම්භ කරන බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p