පාර්ලිමේන්තුව වහා විසුරුවන්න

June 23, 2015

පාර්ලිමේන්තුව කඩිනමින් විසුරුවා හැරිය යුතු බව පුරවැසිබලය සංවිධානය අවධාරණය කරයි.

එම සංවිධානය විසින් අද කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර ඊට ගාමිණි වියන්ගොඩ, ජෝසප් ස්ටාලින්, නීතිඥ කේ.ඩබ්ලිව් ජනරංජන, සමන් රත්නප්‍රිය හා කලාකාරිණියක වන  දිපානී සිල්වා ද එක්ව සිටියහ.

එහිදී ඔවුන් කියා සිටියේ 20 වැනි සංශෝධනය පවත්නා පාර්ලිමේන්තුව යටතේ සම්මත කර ගැනීමට හැකියාවක් නොලැබෙන බවයි.

19 වැනි සංශෝධනය පවා සම්මත වූයේ අවශ්‍ය ආකාරයට සංශෝධන සිදුකර ගැනීමට නොහැකිව බව පෙන්වාදුන් ඔවුන් මේ නිසා 20 වැනි සංශෝධනයට ද සිදුවන්නේ එවැනිම තත්ත්වයක් බව අවධාරණය කරන ලදී.

මේ නිසා පවත්නා පාර්ලිමේන්තුව විසුරුවා හැර අලුත් පාර්ලිමේන්තුවක් යටතේ 20 වැනි සංශෝධනය සම්මත කිරීම සුදුසු බව ඔවුහූ පැවසූහ.

20 වැනි සංශෝධනය යටතේ සුළු පක්ෂවලට අසාධාරණයක් සිදුව ඇති බැවින්, එය සම්මත කළහොත් ත්‍රස්තවාදය මෙන් ඔවුන්ද නැඟී සිටීමට ප්‍රයත්න දරනු ඇති බව ඔවුන් අවධාරණය කරන ලදී.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p