අභියෝග ජයගන්න ජාත්‍යන්තර සහය අවශ්‍යයි

June 20, 2015

රජය ක්‍රියාවට නංවා ඇති අභියෝගාත්මක හා ප්‍රතිඵලදායී ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා අනෙකුත් රටවල සහය අවශ්‍ය බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මේ හරහා ශ්‍රී ලංකාව ලෝකයේ දියුණු රාජ්‍යයක් බවට පත්කිරීමේ හැකියාව පවතින බව අමාත්‍යවරයා කියයි.

රටක් ලෙස ශ්‍රී ලංකාව කළ යුත්තේ වෛරය සහ පළිගැනීමේ සිතුවිලි අත්හැරීම බව පෙන්වා දෙන අමාත්‍යවරයා එය සිදුකිරිමේ හැකියාව ශ්‍රී ලංකා රජය සතු බවද ප්‍රකාශ කරයි.

ජපානයේ නිල සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා එරට පැවති සමුළුවක් අමතමින් මෙම අදහස් ප්‍රකාශ කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ වර්තමානයේ ශ්‍රී ලංකාව නැවත වරක් එක්සත් ජාතීන්ගේ සංවිධාන සහ එහි පද්ධතින් සමඟ ඉතා සමීපව කටයුතු කරන බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p