යහපාලකයෝ ලංකා හොස්පිටල් සම්පුර්ණයෙන්ම විකුණා දැමීමට සූදානම්…

June 16, 2015

කොලඹ නාරාහේන්පිට පිහිටි ලංකා හොස්පිටල් ආයතනය විකුණා දැමීමට වත්මන් රජය සැලසුම් කර ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමය පවසයි.

එම සංගමයේ ලංකා හොස්පිටල් ශාඛාවේ සභාපති උදය සිරිවර්ධන මහතා පවසන්නේ එම රෝහලේ ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට 55%ක සහ රාජ්‍ය බැංකුවට 10%ක කොටස් අයිතිය හිමි බවත් එමගින් පසුගිය වසරේදී රුපියල් කෝටි 26ක ලාභයක් ලැබූ බවත්ය.

ආයතනයේ සම්පූර්ණ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ ප‍්‍රමාණය 11ක් වුවද නව ආණ්ඩුව 13 දෙනෙකුගේ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර ඇති බවත්, එහි පුද්ගලික රෝහල්වල අධ්‍යක්ෂවරැුන් සිටින බවත් සදහන් කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p