පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය කොළඹයි

June 4, 2015

2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.මාස්ටර් කාඞ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට :ඵ්ිඑැරක්‍්රා ඨකදඉ්ක ෘැිඑසබ්එසදබි ක්‍සඑසැි ෂබාැං * පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි.

මේ අනුව, මෙම කාල සීමාව තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය ලෙස කොළඹ නගරය පත්වෙද්දී පිළිවෙලින් චෙන්ග්ඩු, අබුඩාබි, ඔසාකා, රියාඞ්, සි අන්, තායිපේ, ටෝකියෝ, ලීමා, හෝචි මින් සිටි වේගයෙන් වර්ධනය වූ අනිකුත් නගර බවට පත්ව තිබේ.

මෙම නගර 10 අතුරින් 07 ක්ම ආසියානු නගර වී තිබීම කැපී පෙනේ.යුද්ධයෙන් පසුව ලංකාවට පැමිණි සංචාරකයින් ප‍්‍රමාණය වර්ධනය වී තිබීම හේතුවෙන් ලංකාව මෙම දර්ශකයේ මුල් තැනට පත්ව තිබෙන බව සඳහන්ය.
කොළඹ නගරය පසුගිය වසර හයක කාල සීමාව තුළදී සියයට 21 ක කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ.

 

index New Picture

Sammy

Previous story Next story

Leave a comment

t

o

p