ජනපති මෛත‍්‍රී එජාප අපට විශ්වාසයි..

June 3, 2015

ලබන සතිය අග වන විට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය විශ්වාස කරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

මහ මැතිවරණය පැවැත්වීම කල් යෑම හේතුවෙන් රට මතුපිටින් යම් කිසි අස්ථාවර භාවයක් ඇති වී තිබෙන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කිය.

‘මැතිවරණය නොතිබ්බ නිසා අද පුංචි අස්ථාවර භාවයක් තියෙනවා. මොකද හතළිස් දෙනෙක්ගේ ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කර ගන්න අමාරුයි. ඉතින් අපි ඉල්ලන්නේ පුළුවන් තරම් ඉක්මනට මහ මැතිවරණය තියන්න කියලා. ලබන සතිය අග වන විට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇතැයි අපි විශ්වාස කරනවා’ ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

ජනාධිපතිවරයා විසින් පසුගිය සතියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් අමාත්‍යවරුන් පත් කිරීමෙන් පෙනී යන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඔහුට නොමැති බව නේදැයි විමසූ විට හරීන් ප්‍රනාන්දු ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ ඇමතිවරුන් කිහිප දෙනෙකු ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩු පිරවීම පමණක් එහිදී සිදු වූ බවයි.

‘ඒක නිකන් තරගයක් යද්දී ක්‍රීඩකයෝ ඉවත් වෙද්දී අතිරේක ක්‍රීඩකයෝ දාල තරගය අවසන් කරනවා වගේ වැඩක්. මේක ඉකමනින් විසුරුවයි. ජනාධිපත්වරයා අපිට විශ්වාසයි’ ඔහු කියා සිටියේය.

– BBC

Sammy

Previous story Next story

Leave a comment

t

o

p