ශිරන්ති ළඟට ගොස් ප‍්‍රකාශයක් ගැනීම ත‍්‍රස්තවාදයට උදවු කිරීමක්..

June 2, 2015

ශිරන්නි රාජපක්‍ෂගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගැනීම දුෂිතයින් රැකීමේ ත‍්‍රස්තවාදයට පොලීසිය යටවිමක් මෙන්ම නරක පූර්ව ආදර්ශයක් බව ජාතික හෙළ උරුමය පවසයි.

මේ බව සඳහන් කරමින් එම පක්‍ෂ මාධ්‍ය ලේකම්වරයි විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

සිරිලිය සවිය බැංකු ගිණුමේ සිදුවී ඇති මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය විශේෂ මුල්‍ය අපරාධ කොට්ඨාශයට ප‍්‍රකාශයක් ලබාගැනිම සඳහා කැඳවා තිබේ. එහිදි ශිරන්තනී රාජපක්‍ෂ මහත්මියන්ගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට විරෝධය පාමින් කලහකාරි ලෙස හැසිරි ඇත පිරිසක් හේතුකොට ගෙන වෙනත් ආරක්ෂක ස්ථානයකදී ප‍්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සඳහන් කර ඇත. මෙය පැහැදිලිවම නරක පූර්වාදර්ශයක් පමණක් නොව දුෂිතයින් රැකිමේ ත‍්‍රස්තවාදයට යටවීමක් බව අප අවධාරණය කර සිටිමු. නීතිය කි‍්‍රයාත්මක කිරීමට බාධා කරන පිරිස් ඉවත් කිරීම පොලීසියේ වගකීමකි. ඒ සඳහා බලය යෙදවීම පොලීසියේ වගකීමකි. මේ ආකාරයට කටයුතු කිරීමෙන් චෝදනාවට ලක්වූවන් හා සැකකරුවන් පොලීසියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, අල්ලස් හා දුෂණ කොමිසමට, මූල්‍ය අපරාධ කොට්ඨාශයට හා අධිකරණයට ගෙනඒමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇත.

අද දින ලබාදී ඇති පූර්වාදර්ශයෙන් ඉදිරිකාලයේ දී චෝ්දනාවට ලක්වූවන් නීතිය කි‍්‍රයාත්මක කරන ආයතන ඉදිරියට හා විමර්ශන හා පැමිණිලි සටහන් කරගන්නා රාජ්‍ය ආයතන වලට ගෙනයාමට නොහැකි තත්ත්වයක් ඇතිවනවා ඇත. මැතිඇමතිවරුන් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ගෙනයාහැකිනම් එහිදී විරෝධතාකරුවන් සිටියදී ඒවා පාලනය කර ප‍්‍රකාශ සටහන් කරගත හැකිනම් ආරක්ෂක ලේකම්වරයාට අල්ලස් හා දුෂණ කොමිසමට ගොස් ප‍්‍රකාශ ලබාදිය හැකිනම් හිටපු ජනාධිපති බිරිඳට එසේ කළ නොහැක්කේ කවර හේතුවක් නිසාද යන්න අදාළ අංශවල වගකිවයුත්තන් රටට කිව යුතුය. මේ ආකාරයට කටයුතු සිදුවුවහොත් ඉදිරි කාලයේ දී දුෂණ විමර්ශන කටයුතු සිදුකිරීමට බැරි එමෙන්ම අධිකරණවල නඩු විභාග කිරීමට බැරි වටපිටාවක් නිර්මාණය වනු ඇත. මෙම කි‍්‍රයාපිළිවෙත කිසිසේත් අනුමත කළ නොහැකි අතර නීතිය සැමට සාධාරණව කි‍්‍රයාත්මක කළ යුතු අතර ලැදියාවන් හා බැඳිම් වලට විශේෂ වරප‍්‍රසාද හා සැළකිලි නොලැබිය යුතු බවද අවධාරණය කරන අතර තරාතිරම නොබලා නීතිය සැමට සාධාරණව කි‍්‍රයාත්මක විය යුතුය. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශවරයාගෙන් අප විමසා සිටින්නේ ශිරන්තනි රාජපක්‍ෂ මහත්මියගෙන් ප‍්‍රකාශ සටහන් කරගත් වෙනත් ආරක්ෂක ස්ථානය හැකිනම් රටට ප‍්‍රකාශ කරන ලෙසය. මෙම සිදුවීම නීතියේ ආධිපත්‍යයට හා එය කි‍්‍රයාත්මකවීමට අනර්ථයක් සිදුවී ඇති බවත් එයට පොලීසියද දායකවී ඇති බවත් අපගේ විශ්වාසයි. පොලිස්පතිතුමනි මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමුකර එම නරක පූර්වාදර්ශය ඉදිරියට සිදුනොවීමට කටයුතු කරන මෙන් ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටිමි.

ස්තුතියි.

නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ
මාධ්‍ය ලේකම්
ජාතික හෙළ උරුමය

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p