පොලීසියේ ලොකු පුටු මාරුවක්!

June 1, 2015

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් හය දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ සේවයේ අවශ්‍යතා මත පොලිස්පතිවරයා විසින් මෙම ස්ථානමාරුවීම් ලබාදී ඇති බවයි.

ඒ අනුව මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඒ.අයි.ආර්.එන්.පෙරේරා මහතා සංඛ්‍යාලේඛන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් මාරුකර යවා තිබේ.

හබරාදූව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බි.එන්.ඒකනායක මහතා මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත්, බදුරලිය පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.කේ.පි.උදය කුමාර මහතා හබරාදුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත් මාරු කර යවා ඇති බව සඳහන්ය.

සංඛ්‍යා ලේඛන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.පි.විජයමාන්න මහතා වැල්ලවත්ත පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස මාරුකර යවා ඇති අතර බකමූණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.පි.ඉලංගසේකර මහතා මුල්ලියාවේලී පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස මාරු කර යවා තිබේ.

පොලොන්නරුව කොට්ඨාශ බුද්ධි අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්.ඒ.ගුණවර්ධන මහතා බකමූණ පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස මාරුකර යවා ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p