තමන් ස්කොට්ලන්ත රාජ්‍යයට එක්කරගන්නැයි උතුරු එංගලන්ත වැසියන්ගෙන් ඉල්ලීමක්

June 1, 2015

ලන්ඩනයෙන් වෙන්වී අනාගතයේදි බිහිවන ස්වාධීන ස්කොට්ලන්ත රාජ්‍යයකට එක්වීමට කැමැත්ත පළ කරමින් උතුරු එංගලන්ත වැසියන් දහස් ගණනක් අන්තර්ජාල පෙත්සමකට අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

උතුරු එංගලන්තයට බි‍්‍රතාන්‍යයෙන් ඉවත්වී ස්කොට්ලන්තයට එක්වීමට ඉඩදෙනු යන තේමාවෙන් ජය්බටැගදරට වෙබ් අඩවියේ පළ කෙරුණු මෙම පෙත්සමට 35000ක් අත්සන් හිමිවී තිබේ.

එම පෙත්සමේ දක්වා ඇත්තේ උතුරු එංගලන්තයට වෙස්ට්මිනිස්ටර් ප‍්‍රතිපත්තීන්හි අදාළත්වය වේගයෙන් අහිමිවෙමින් යන බවයි.

ලන්ඩනය පදනම් කරගත් දකුණේ දෘෂ්ටිවාදයන්ට වඩා ග්ලාස්ගෝ හා එඩින්බරෝ වැනි ස්කොට්ලන්ත නගරයන් සමග උතුරු එංගලන්ත නගරයන්ට ඇති ඥාතිත්වය බලවත් බව එහි දක්වා ඇත.

ස්කොට්ලන්තය සමග අපත් ගෙන යන්නැයි ඉල්ලමින් සතියකට පෙර ට්විටර් වෙබ් අඩවියේ #TakeUsWithYouScotland හැෂ්ටැගයටද 25000කගේ සහය හිමිවී තිබිණි.

ස්වාධීන ස්කොට්ලන්තයක් බිහිවීමේදී එංගලන්තය හා ස්කොට්ලන්තය අතර දේශසීමාව ඞී ගංගාව හා හම්බර් ගංගා මුවදොර අතරින් සටහන් කළ යුතු බව අන්තර්ජාල පෙත්සමේ සඳහන්ව තිබේ.

එසේ වුවහොත් නිව්කාස්ල්, මැන්චෙස්ටර්, ලිවර්පූල්, ෂෙෆීල්ඞ්, ලීඞ්ස් ආදී නගරවල වැසියන් ස්කොට්ලන්තයේ පුරවැසියන් වනු ඇත.

කෙසේවෙතත් මාධ්‍යවේදීන් විසින් මැන්චෙස්ටර්හි වැසියන් හමුවෙමින් අදහස් විමසීමේදී ජනයාගෙන් අඩක් පමණ ස්කොට්ලන්තයට එක්වීමේ යෝජනාවකට එරෙහි බව හෙළිව ඇතැයි පැවසේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p