විල්පත්තුවේ කල පදිංචිකිරීම්වල කිසි වරදක්‌ නෑ – රාජිත

May 29, 2015

විල්පත්තුවේ ජනතාව නැවත පදිංචි කිරීමේ වැරැද්දක්‌ හිටපු ඉඩම් ඇමැතිවරයා ලෙස තමා නොදකින බව කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේදී ඊයේ (28 දා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියා සිටියේය. එහිදී ඇමතිවරයා තවදුරටත් මෙසේද කියා සිටියේය.

විල්පත්තු නැවත පදිංචි කිරීම් පිළිබඳව විවිධ මත තිබෙනවා. හෙළ උරුමයේ නායකයන් පවා කියනවා එහි ප්‍රශ්නයක්‌ නැහැ කියලා. ගියවර ජනාධිපති කාර්ය සාධක බළකායේ තීරණයක්‌ අනුව රක්‌ෂිතයේ කොටසක්‌ ඉවත් කරලා පදිංචි කිරීම් කළා.

මම ඉඩම් ඇමැති කාලයේදීත් ඔයදේම කළා. නුවරඑළියෙත් ඔයවැනි ප්‍ර්‍රශ්නයක්‌ ආවහම අපි මීටර් 500, 600 ඉවත් කරල පදිංචි කිරීම් කළා. අපි ඒ රිසවේෂන් එක පස්‌සට ගත්තා. හැබැයි පිරිසකට අපි දුන්නේ නෑ. එහෙම දෙන්නේ නෑ කියලා අවබෝධයක්‌ ආවා. එහෙම තැන් තියෙනවා.

ඒ විදියට රිසවේෂන් එකේ මායිම් පස්‌සට කරලා තිබෙනවා. හිටපු ඉඩම් ඇමැතිවරයා විදියට මම කියන්නේ එහි වැරැද්දක්‌ නැහැ. කොයි ආණ්‌ඩුව කළත් එය වැරදි නැහැ. මිනිසුන්ව එළවලා දාලා රිසවේෂන් කළ යුතුයි කියන ප්‍රතිපත්තියක මම නැහැ.

විල්පත්තු අභය භූමියෙන් ඔබලා දන්නවා මහාමාර්ගයකුත් යනවා. ඒ ප්‍රමාණයේ තමයි පදිංචි කරලා තියෙන්නේ. මන්නාරමෙන් එදා ලක්‍ෂයකට වඩා මිනිස්‌සුන්ව එල්. ටී. ටී. ඊ ය විසින් එලෙව්වා. ඇඳිවත පමණක්‌ අරගෙනයි ඒ ජනතාව පලා ගියේ. ඒ අයව දැන් පදිංචි කළ යුතුයි. එය මානුෂික දෙයක්‌. ඒ අය මුස්‌ලිම්, දෙමළ, සිංහල වුණත් මිනිස්‌සුනේ, ඒ අයටත් මේ භූමියේ අයිතිය තිබෙනවා.

ඒ නිසා ඒ පදිංචි කිරීම් කළ යුතුයි. ඒවා වැරදි විදියට කළා නම් වැරදියි. ඒකට රාජ්‍ය නිලධාරීන් වගකියන්න ඕන නෑ. ආණ්‌ඩු තමයි වගකියන්න ඕනෑ.

– දිවයින

Sammy

Previous story Next story

Leave a comment

t

o

p