උතුරේ පොලිස් ලොක්කන්ට හදිසි ස්ථාන මාරු

May 23, 2015

යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා,පොලිස් අධිකාරිවරයකු හා සහකාර පොලිස් අධිකාරිවරයෙකු ,මෙන්ම කයිටිස් හා යාපනය පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උතුරේ පොලිස් නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඒ අනුව යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්මන් වීරසේකර මහතා සීතාවකපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙසත්,එහි සිටි ජ්‍යේෂඨ පොලිස් අධිකාරී ඩබ්.කේ ජයලත් මහතා යාපනයටත් මාරුකර යවා ඇති බව සඳහන්ය.

යාපනය පොලිස් අධිකාරී ජී.ජේ.ඒ විජේසේකර මහතා කිලිනොච්චියටත්,කිලිනොච්චියේ සහකාර පොලිස් අධිකාරී ඩී.එස්.ඩී වීරසිංහ මහතා යාපනයටත්,මන්නාරම සහකාර පොලිස් අධිකාරී යූ.ඒ.පී ප්‍රනාන්දු මහතා යාපනයටත්,යාපනයේ සහකාර පොලිස් අධිකාරීවරයා වූ පී.ඒ.කේ.ඒ සේනාරත්න මහතා මුලතිව් වලටත්,මුලතිව් සහකාර පොලිස් අධිකාරී ආර්.ඒ.ඩී.ඊ.එල් රන්දෙණිය මහතා යාපනයටත් මාරුකර යවා ඇත.

කයිට්ස් හි මූලස්ථාන පොලිස් පරීක්ෂක කිව්.ආර් පෙරේරා මහතා මන්නාරම පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරිවලටත් මාරුකර යවා තිබේ.

එසේම යාපනය පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂක බී.එම්.ආර්.කේ.බී බාලසූරිය මහතා වව්නියාව පොලිස් බල ප්‍රදේශයේ සාමාන්‍ය රාජකාරිවලටද,වැල්ලවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති එෆ්.යූ.කේ වූට්ලර් මහතා ,යාපනය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙසත් මාරු කර යවා ඇත.

යාපනය, පුංකුඩුතිව් හි 18 හැවිරිදි පාසල් සිසුවියක දූෂණය කර මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහි දැඩි දඬුවම් පමුණුවන ලෙස බලකරමින් ‍යාපනය අධිකරණය පරිශ්‍රයට එක්වූ පිරිසක් පසුගියදා විරෝධය පළ කළහ.

එහිදී පොලීසිය සමග ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් දැඩි නොසන්සුන්තාවක් වර්ධනය වූ අතර එහිදී තත්ත්වය පාලනය කරනු වස් පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදී.

කෙසේ වෙතත් මෙම සිදුවීම හේතුවෙන් යාපනය අධිකරණ පරිශ්‍රයට දැඩි හානි සිදුවූ අතර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුටද තුවාල සිදුවිය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p