යාපනයේ විරෝධතා බෑ!

May 23, 2015

යාපනයේ කිසිදු ආකාරයක විරෝධතාවක් පැවැත්වීම වළක්වමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ මෙම නියෝගය නිකුත් කර ඇත.

උතුරු පළාත් සභා මන්ත්‍රී ආනන්දි ශෂීද්‍රන්, ටී කුමාර වේලු සභාපති ජනතා බලය සංවිධානය ඇතුළුව තවත් සංවිධානයක සභාපතිවරයෙකුට මෙම නියෝගය නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

අදාළ පුද්ගලයින්ට උසාවිය දැනුම්දී ඇත්තේ යාපනය ප්‍ර දේශයේ සාමය කඩවන ආකාරයේ කිසිදු විරෝධතාවයක් සංවිධානය කිරීමෙන් වළකින ලෙසත් එසේ කළහොත් අත්අඩංගුවට ගන්නා බවත්ය.

යාපනය, පුංකුඩුතිව් හි 17 වියැති පාසල් සිසුවියක සමූහ දූෂණයකට ලක් කර මරා දැමූ බව කියන පුද්ගලයින් 9 දෙනෙකු දැඩි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා යාපනයේ වැසියන් පිරිසක් පසුගියදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරෙමින් මහේස්ත්‍රාත් උසාවි පරිශ්‍රයට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර හානි කර තිබිණ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p