කවුරු ගියත් ගැටළුවක් නෑ

May 21, 2015

තමන් දරන ඕනෑම තනතුරකින් ඕනෑම පුද්ගලයෙකුට ඉල්ලා අස්විය හැකි බවත්,හිටපු අමාත්‍යවරුන් තිදෙනෙකු සහ අමාත්‍යවරියක ඉවත්වීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් මේ රජයේ කොටස්කාරයින් නොවන බවත් නි.විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ විදේශ කටයුතු අමාත්‍යංශයේ විදුලි සංදේශ හා ‍තොරතුරු අංශයේ ක්‍රියාත්මක වැඩසටහනක් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමිනි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එහි සාමාජිකයින්ගේ තීරණ සම්බන්ධයෙන් අදහස් පළකිරීමට තමාට අයිතියක් නොමැති බව හෙතෙම සඳහන් කළේය.

එසේ වුවද එජාපය මුළු මුළු හදවතින්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටින බව නි.අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p