වැසි අඩුවේ..

May 18, 2015

දිවයින අශ්‍රිතව සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව අඩු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනෙන් ඈතට උතුරු දෙසට ගමන් කර ඇත.

කෙසේ වෙතත්, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්තික්කවලත් විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

– news.lk

Sammy

Previous story Next story

Leave a comment

t

o

p