වකුගඩු නිවාරණ දිනයක් ප්‍රකාශ කරනවා

May 16, 2015

වකුගඩු රෝගය නිවාරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ජාතික වකුගඩු නිවාරණ දිනයක් ප්‍රකාශයට පත් කෙරෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය .

ජනාධිපතිවරයා මෙසේ සඳහන් කෙළේ ජනාධිපති ලේකම්කාර්යාලයේ දී ඊයේ (15) පැවැති වකුගඩු රෝග නිවාරණ අධීක්ෂණ කමිටු රැස්වීමට එක් වෙමිනි .

තවදුරටත් ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

රටේ ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක්ව පවතින වකුගඩු රෝගය පිළිබඳ ජනතාව දැණූවත් කිරීම සඳහා පුළුල් ප්‍රචාරක වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යයි. ගොවි පවුල් මට්ටමට ගමින් ගමට ගොස් ජනතාව දැණුවත් කරන ලෙසත් ඒ සඳහා අත් පත්‍රිකා ,පෝස්ටර් සහ කටවුට් මාර්ගයෙන් ජනතාව දැණුවත් කිරීමේ හැකියාව තිබෙනවා.

පළිබෝධනාශක ප්‍රචාරක තහනම් කිරීම , දේශීය සහල් ,බිත්තර වී භාවිතය ප්‍රචලිත කිරීම , කොම්පෝස්ට් පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීම , අහිත කර කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය සහ භාවිතය තහනම් කිරීම ආදීය පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

වකුගඩු රෝගීන්ගේ පවුල්වල සුබසාධනය ඉහළ නැංවීම , සමාජ සේවා සුබ සාධන හා පංශු සම්පත් අමාත්‍යාංශ යටතේ ඊට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. රෝගය ව්‍යාප්තවන බවට හඳුනාගෙන ඇති දිස්ත්‍රික් දහයක ජනතාවට රුපියල් තුන්දහස බැගින් වූ ජීවනාධාර අද ලබා දෙනවා.

ඒ වෙනුවෙන් ආණ්ඩුව රුපියල් මිලියන 352ක මුදලක් දිස්ත්‍රික්ක ලේකම්වරු වෙත ලබා දී තිබෙනවා. රෝගීන්ගේ සුබසාධන පහසුකම් සැලසීම සහ කාර්යක්ෂම කිරීම සඳහා සෞඛ්‍ය සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමන්විත අනු කමිටුවක් ස්ථාපිත කර තිබෙනවා. දත්ත එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 30 ක් ඇති කිරීමට පසුගිය සාකච්ඡාවේදි ගත් තීන්දුව අනුව කටයුතු යෙදා තිබෙනව. රෝගීන් හඳුනා ගැනීම සදහා නව මාර්ගෝපදේශන හඳුන්වාදීම රෝග ව්‍යාප්ත විමේ අවධානම් කළාපවල අතිරේක වෛද්‍යවරු දස දෙනෙක් අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. උතුරු මැද පළාතේ පාසල් 85 ප්‍රතිආරක්ෂිත කරණ ඒකක 95 ක් ස්ථාපිත කිරීමටත් ඌව පළාතේ තෝරාගත් පාසල් සඳහා ප්‍රතිආරක්ෂිත ඒකක ස්ථාපිත කිරීමටද යෝජනා වී තිබෙනවා.

නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශය යටතේ රෝගය බහුලව පවතින ප්‍රදේශවල පානීය ජල පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළතක් ආරම්භ කිරීමට මෙහිදි යෝජනාවී තිබෙනවා.

ජීවනාධාර ලබාදීම සදහා රෝගීන් තෝරා ගැනීමේ නිර්ණායක තීරණය කිරීම, ග්ලයිෆොසෙට් දිවයිනපුරා තහනම් කිරීමටද ඊට ඇතුළත්වෙනවා.

අතුරලියේ රතන හිමි, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න , රාජ්‍ය පරිපාලන ඇමැති කරු ජයසූරිය , නිවාස හා සමෘද්ධි ඇමැති සජිත් ප්‍රේමදාස , නාගරික සංවර්ධන හා ජල සම්පාදන ඇමැති රාවුෆ් හකීම්, සමාජ සේවා හා සුබසාධන ඇමැති පී. හැරිසන්, අගමැති ලේකම් සමන් ඒකනායක මහත්වරුන් ඇතුලු අමාත්‍යාංශ ලේකම්වරුන්, නිලධාරීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p