රුසියාවේ පුටින් යුගය උදාවී වසර 15යි

May 9, 2015

1999 දෙසැම්බර් 31වනදා බොරිස් යෙල්සින් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් අනතුරුව රාජ්‍ය නායකධුරයට පත් පුටින් මුල් යුගයේදී බටහිර මාධ්‍යවල ඇල්මට ලක්විය.

කඩාවැටුණු ආර්ථිකයක් හා නීතියේ ආධිපත්‍යය නොමැති රටක් ලෙස රුසියාව භාරගත් පුටින්ගේ පළමු අභියෝගය වූයේ චෙච්නියාවේ ත‍්‍රස්තවාදී තර්ජනයට මුහුණදීමයි.

පළමු හා දෙවන චෙච්නියා යුද්ධවලදී පුටින්ගේ අයෝමය හස්තය ප‍්‍රකටව පෙනුනු අතර ත‍්‍රස්තවාදය තලා දැමීමෙන් පසුව එය විසින් පුටින්ගේ විදෙස් ප‍්‍රතිරූපය කැළැල්වූ නමුත් රට තුළ දැවැන්ත ජන ප‍්‍රසාදයක් දිනාගන්නා ලදී.

ඉන් අනතුරුව රුසියාවේ ආධිපත්‍යය දැරූ වංශාධිපතියන්ගේ තටු සිඳීම ආරම්භ කළ පුටින් 1990 දශකය අවසන් වන විට රුසියාව තම ආධිපත්‍යයට නතු කරගනු ලැබිණි.

ඉන් අනතුරුව විදේශීය සබඳතා වෙත මැදිහත්වූ ඔහුට 2000 අගෝස්තුවේදී සිදුවූ කර්ස්ක් සබ්මැරීන අනතුරත් ඉන් අනතුරුව කුඩා දරුවන් 200කට මරු කැඳවමින් අවසන්වූ බෙස්ලාන් පාසල් ප‍්‍රහාරයත් අභියෝග ලෙස එල්ලවිය.

නමුත් 2000-2004 යුගය වන විට රුසියානු දළ ජාතික නිෂ්පාදිතය සීඝ‍්‍ර වර්ධනයක් අත්පත් කරගත් අතර පුටින්ගේ ජනප‍්‍රියත්වයද නොනවත්වා වර්ධනය විය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p