බොදු බල පක්‍ෂයෙන් හෙළ උරුමයට මාරාන්තිකයි..

May 8, 2015

බොදු බල සේනා සංවිධානය දේශපාලන පක්‍ෂයක් පිහිටුවන බව ප‍්‍රකාශ කිරීමෙත් සමඟ සිංහල බෞද්ධ ඡන්ද පදනම වෙනුවෙන් ජාතික හෙළ උරුමය මරානාතික සටනකට කැඳවා තිබේ.

වේගයෙන් වර්ධනය වන මෙම තත්වය අතරතුරේ ජාතික හෙළ උරුමය විසින් බොදු බල සේනාවට පිළිතුරු දෙමින් නිකුත් කරනු ලැබ ඇති මාදය නිවේදනයකි මේ.

බොදු බලසේනාවේ සර්වආගමික ප‍්‍රකාශයට හෙළ උරුමයෙන් පිලිතුරක්

නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීම සඳහා බොදුබල සේනා සංවිධානය නියෝජිත පිරිසක් මැතිවරණ කොමසාරිස් හමුවීමෙන් පසු මාධ්‍ය අමතමින් එහි විධායක ප‍්‍රධානී ඩිලන්ත විතානගේ ජාතික හෙළ උරුමය සර්වආගමික පක්ෂයක් බවට පත්ව ඇති බවත් ජාතික හෙළ උරුමයේ සාමාජිකයින් ජාතික ප‍්‍රශ්න සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡුා කරමින් සිටින බවත් තමන් බිහි කරන නව දේශපාලන පක්ෂයට ඔවුන් එකතුවීමට කැමැත්ත පළකරන බවත් වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත.

ඩිලන්ත විතානගේ මහතාට ප‍්‍රකාශ කළ යුතුව ඇත්තේ රටේ ජාතික ප‍්‍රශ්නත් සිංහල බෞද්ධයන් මුහුණදී ඇති සැබෑ ප‍්‍රශ්න පිළිබඳව නිසි නිවැරදි අවබෝධයක් ජාතික හෙළ උරුමයට ඇති බවත් ඒ වෙනුවෙන් නිසි නිවැරදි කි‍්‍රයාමාර්ග ජාතික හෙළ උරුමය නිසි වේලාවට ගෙන ඇති බවත් ඇතැම් බලවේගවල  ඕනෑ එපාකම් වලට දේශපේ‍්‍රමීත්වය ජාතිකත්වය සිංහල බෞද්ධකම පාවඩයක් හෝ කඩතුරාවක් කර ගැනීමට ඉඩදී නැති බවත්ය. එමෙන්ම ජාකිත හෙළ උරුමය යනු සිංහල බෞද්ධකම වෙනුවෙන් ළදරු වලිප්පුව හැදී ඇතැමුන්ගේ වලිග බවට පත්වී නැති සැබෑ ජාතික ව්‍යාපාරයක් බව ද අවධාරණය කළ යුතුය.

මේ රටේ ශිෂ්ටාචාරය ඉතිහාසය, සංස්කෘතිය, සභ්‍යත්වය නිර්මාණය කළ සිංහල බෞද්ධයින්ගේ උරුමය හා අයිතිය වෙනුවෙන් ජාතික හෙළ උරුමය නිසි වේලාවේ නිසි තීරණ කි‍්‍රයාමාර්ග ගෙන ඇති බව සඳහන් කළ යුතුය’ ඒ සෑම එකකටම තර්කානුකූල ප‍්‍රවේශයක් හා මතවාදී නිරවද්‍යතාවක් ජාතික හෙළ උරුමයට ඇත. ඒ පිළිබඳව මේ රටේ සිංහල  බෞද්ධ ජනතාවට වැටහීමක් ඇත’  ඕනෑම සංවිධානයකට” කණ්ඩායමකට සිංහල බෞද්ධකම වෙනුවෙන් දේශපාලන පක්ෂ ගොඩනැගීමේ අයිතියක් ඇත’ එම අයිතිය අප පිළිගන්නා අතර ඒ අරමුණු පෙරදැරි කරගෙන ගොඩනැගී කි‍්‍රයාකරමින් ඇති හා ඒ වෙනුවෙන් ස්ථිරසාර ලෙස පෙනී සිට කටයුතු කරන අප පක්ෂයට අවලාද නැගීම සදාචාරාත්මක නොවන බව බොදුබල සේනා සංවිධානයේ ප‍්‍රධානීන්ටත් විධායක නිලධාරි මහතාටත් මෙත් සිතින් අවධාරණය කිරීමට කැමැත්තෙමි’ සිංහල බෞද්ධයින්ගේ ආරක්ෂාව හා රැකවරණය වෙනුවෙන් පෙනී සිටිමින් සිංහල බෞද්ධයාගේ අයිතිය වෙනුවෙන් කටයුතු කරඇති ජාතික හෙළ උරුමයට කරන මෙවැනි බොළඳ විවේචන අවලාද නොදරුවන්ගේ වහසිබස් ලෙස දකිමින් ඉවසා සිටින බවද සිංහල බෞද්ධයන්ගේ සැබෑ අයිතිය වෙනුවෙන් පෙනී සිටින ගල්පිළිම හා බොල්පිළිමත් සිංහයින් හා වෘකයින්” නරියන් කවුද යන්න අනාගතයේ දී සිංහල බෞද්ධයන්ට දැකගත හැකිවනු ඇත.

ස්තුතියි
බුදුගල ජිනවංස හිමි

Sammy

Previous story Next story

Leave a comment

t

o

p