නොතාරිස් ආඥා පනත සංශෝධනයට

May 6, 2015

ඉඩම් ගනුදෙනුවලදී සිදු වී ඇතැයි කියන වංචා සහගත කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් ඉඩම් ගනුදෙනුවලට සම්බන්ධ පාර්ශවයන්ගේ විශ්වාසය හා ආරක්ෂාව උපරිම අයුරින් ආරක්ෂා වන පරිදි වංචා සහගත ඉඩම් ගනුදෙනු වැළැක්වීම සඳහා නොතාරිස් ආඥා පනත සං‍ශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.

පසුගිය කාල පරිච්ඡේදයේදී ඉඩම් ගනුදෙනු ආශ්‍රිතව සිදු වී ඇතැයි කියන වංචා සහගත කටයුතු පිළිබඳව අවධානය යොමු කරමින් ඉඩම් ගනුදෙනු සම්බන්ධ මහජනතාවගේ විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා ජීවමිතික අත්සන් උපයෝගි කර ගැනීමට ඉඩ සලසමින් නොතාරිස් පනත සංශෝධනය කෙටුම්පත මේ වන විට අධිකරණ අමාත්‍යාංශය විසින් සකස් කර රාජ්‍ය පරිපාලන හා ස්වදේශ අමාත්‍යාංශය වෙත යොමු කර ඇත.

ඒ සඳහා අදාළ අමාත්‍යාංශයේ නිර්දේශ ලැබීමෙන් අනතුරුව ඉතා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.

– news.lk

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p