ඕමාන් ජාතිකයා ලංකාවේදී මියයයි

May 6, 2015

සීදුව කනත්තපාර දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවු අනතුරකින් විදේශීය ජාතිකයෙකු මියගොස් තිබේ.

කොළඹ සිට හලාවත දෙසට ධාවන වු දුම්රියක අදාළ ත්‍රි රෝද රථය ගැටීමෙන්  අනතුර සිදුව ඇති බව  පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් ත්‍රිරෝද රථ රියදුරු සහ එහි පිටුපස ගමන් කළ විදේශීය ජාතිකයෙකු බරපතළ තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.

අදාළ විදේශීය ජාතිකයා වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර යැවීමේ දී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ ඕමාන් ජාතිකයෙකු වන අතර ඔහු කටුනායක ගුවන්තොටුපල ඉංජිනේරු උපාධිය හදාරමින් සිටි ශිෂ්‍යයෙකු බව  වාර්තාවෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p