මහින්ද මැතිවරණ වේදිකාවට ගොඩවන දිනය ගම්මන්පිල කියයි..

May 5, 2015

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මැතිවරුණ වේදිකාවට ගොඩවන්නේ මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව යයි බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු පවසන්නේ හිටපු ජනාධිපතිවරයා දේශපාලන වේදිකාවට ගොඩවීම සිදුවිය යුත්තේ මැතිවරණ සටනේ උච්චතම ස්ථානය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව බවත් ඊට කලින් වේදිකාවට ගොඩ වී ඒ මහතාගේ ආරක්ෂාව අනතුරේ දැමිය නොහැකි බවත්ය.

ලබන 8 වැනිදා කුරුණෑගලදී පැවැත්වෙන රැලියෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස රජයට බලකරන උද්ඝෝෂණ ආරම්භ කරන බවත් ගම්මන්පිල මහතා කියා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p