ශ්‍රීලනිප ඇමතිවරු 22 ක්‌ ඇමතිධුර අතහරිති

May 5, 2015

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් නව රජයේ ඇමැති ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හිටපු ඇමැතිවරුන් විසිදෙදෙනා 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කරගත් පසු සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇත.

තමුන් ඇමැති ධුර ලබාගත්තේ 19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සහ 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ දැත් ශක්‌තිමත් කිරීමට බවත් ඉන්පසු සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්‌වන බවත් නව රජයේ ඇමැති ධුරයක්‌ ලබාගත් හිටපු ඇමැතිවරයෙක්‌ පැවසීය.

20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කරගත් පසු පළමුව පළාත් පාලන මැතිවරණය පවත්වා ඉන්පසු පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වන ලෙස ද තමුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

– දිවයින

Sammy

Previous story Next story

Leave a comment

t

o

p