රටේ ලොකුම ප්‍රශ්ණය විධායක ජනපති ක්‍රමයද ?

April 29, 2015

රටේ දෑන් තියන ලොකුම ප්‍රශ්ණය විධායක ජනපති ක්‍රමයද ?ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද ප‍්‍රශ්නයට හේතුව නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය මිස විධායක ජනාධිපති ක‍්‍රමය නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ශය පවසයි.
අද 29 දින පෑවති මාධ්‍ය සාකච්ඡාවකදී එම පක්ශයේ දේශපාලණ මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා මේ බව පෑවසීය.මේ මාධ්‍ය සාකච්ඡාව සදහා කම්කරු අරගල මධ්‍යස්ථානය නියෝජනය කරමින් සී ලන්දගේ මහතාද සහභාගීවිය.

වෑඩි දුරටත් අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මහතා…….

”ඊයේ පාර්ලිමේන්තුවේ දී 19 වන සංශෝධනය පක්ෂව ඡන්ද 213ක් ඡන්ද ලබමින් සම්මත වුණා. අපේ පක්ෂය සමඟ කටයුතු කරන අජිත් පෙරේරා සහෝදරයා එම ඡන්ද විමසීමේදී ඡන්දය දීමෙන් වැළකී සිටියා.
1978 විධායක ජනාධිපති ක‍්‍රමය සම්මත වූ දිනයේ සිට ඊට විරෝධයක් මතු වුණා. ඒ විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලතල එක් පුද්ගලයෙක් අතට ඒකාග‍්‍ර කරනු ලැබූ නිසයි. ඇන්.එම්.පෙරේරා වැන්නවුන් ඉතාමත් ශාස්ත‍්‍රීය විචාරයන් කරමින් පෙන්වා දුන්නා ඒ මඟින් ඒකාධිපතිත්වය වෙතට පාර කපන බව. එදා පටන් බලයට පැමිණි සෑම පාලකයෙක්ම විධායක ජනාධිපති ක‍්‍රමය ආහෝසි කිරීමට පොරොන්දු වුණා. 1994 දී චන්ද්‍රකා බණ්ඩාරනායක ලිඛිතව පොරොන්දු වුණා ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නට.

ගිය වසරේ අගදී ඇති වෙච්ච සාකච්ඡව ඇත්ත ප‍්‍රශ්න සියල්ල යට ගහලා සියලූම ප‍්‍රශ්න විධායක ජනාධිපති ක‍්‍රමයට ලඝු කරා. රනිල්, චම්පක පසුගිය කාලයේ ගිරව් වගේ කීවේ සියලූම ප‍්‍රශ්න විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කලාම විසෙදනවා කියලයි. ඒ වුණත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරන්න ආපු ආණ්ඩුව පෙබරවාරි 27 වන දා කෘෂිකර්මාන්තය පෞද්ගලීකරණයට විරුද්ධව උද්ඝෝෂණය කළ ගොවීන්ව සිරගත කළා. මාර්තු 21 වන දා අධ්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධව පාගමනේ ගිය ශිෂ්‍යයන්ට තිරස්චීන ලෙස පහර දුන්නා.

පලමු වැනි රැුවටීම තමයි විධායක ජනාධිපති ක‍්‍රමය රටේ ලොකුම ප‍්‍රශ්නය කියලා ගෙනාපු සාකච්ඡව. ඇත්තටම ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද ප‍්‍රශ්නයට හේතුව නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය මිස විධායක ජනාධිපති ක‍්‍රමය නෙවෙයි.
මුලින් කීවේ විධායක ක‍්‍රමය අහෝසි කරන්න පොදු අපේක්ෂකයෙක් ගෙන එනවා කියලයි. පොදු අපේක්ෂකයෙක් පිළිබදව සාකච්ඡුාව ඇති වුණේම ඒ නිසයි. නමුත් මෛත‍්‍රී පොදු අපේක්ෂකයා වෙලා ආවේම මේකේ බලය අඩු කරනවා මිස ඒක අහෝසි කරනවා කියලා නෙවෙයි. ඒක තමයි දෙවෙනි රැවටීම.

මොනවාද අඩු කරලා තියෙන බලතල? ඊළඟට අහන්න ඕනේ ප‍්‍රශ්නය තමයි ඒක. මෛත‍්‍රී විධායක ජනාධිපති ක‍්‍රමයේ බලතල අඩුකරනවා කීවා මිස මොනවාද ඒ බලතල කියලා කීවේ නැහැ. ජනතාව හිස් චෙක් එකක් අත්සන් කරලා දීලා තියෙන්නේ. ඇත්තටම සිද්ධ වුණේ 18 ජේ ආර්ගේ ව්‍යවස්ථාව වෙනස් කිරීම නෙවෙයි. 18 වන සංශෝධනය මඟින් මහින්ද එකතු කරන ලද බලතල ඉවත් කිරීම පමණයි. අමාත්‍යංශ ලේකම්වරු පත් කිරීමට, ඇමතිවරු පත් කිරීමට ජනාධිපතිට තිබුණු බලය ඉවත් කරලා නැහැ.

දැන් මේ සංශෝධනයට විරුද්ධව ආණ්ඩුවේ කැබිනට්වරුම අධිකරණයට ගියා. ගැසට් පත‍්‍රය කැබිනට් එකේ සම්මත කරලා පස්සේ අධිකරණයට යනවා. ආණ්ඩුවම සංශෝධන ගේනවා ආණ්ඩුවම ඒකට විරුද්ධව අධිකරණයට යනවා. ඉන් පසුව අධිකරණය අගමැතිට කරන ලද බලය පැවරීම ඉවත් කරනවා.
ඒ කෙසේ වෙතත් මහාම රැුවටීම වුණේ ඊයේ පාර්ලිමේන්තුවේදීයි. පාර්ලිමෙන්තුව තුලදී ඊ්යේ 19 වන සංශෝධනය 187 වතාවක් සංශෝධනය කලා. එහෙම සංශෝධනය කරපු එක තමයි සම්මත වුණේ. ඇත්තටම කරන්න තිබුණේ මොකක්ද? සංශෝධනය කරන ලද කෙටුම්පත ජනතාවට ඉදිරිපත් කළ යුතුව තිබුණා.

19 වන සංශෝධනයේ ප‍්‍රධානත ම වැඩක් වුණේ ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීමයි. ඒකට මොකද වෙලා තියෙන්නේ? 19 වන සංශෝධන කෙටුම්පතට අනුව ව්‍යවස්ථාදායකට ඇතුලූ වුණා අගමැති, කථානායක, විපක්ෂ නායක, ජනාධිපතිගේ නියොජිතයකු, සුලූතර පක්ෂවල නියෝජිතයෙකු හා ජනාධිපති හා අගමැති එකඟ වන පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළත් වුණා. එයට කරන ලද සංශෝධනයකට අනුව ජනාධිපති හා අගමැති එකඟව පත් කරන පුද්ගලයින් ගණන 10 ට වැඩි කර ඇති අතර ඉන් 7 දෙනෙකුම පාර්ලිමේන්තුවෙන් තෝරා ගත යුතුව තියෙනවා. ඒ විතරක් නෙවෙයි ස්වාධීන කොමිෂන් සභා පාර්ලිමේන්තුවට යටත් බවට එහි ස`දහන් වෙනවා.

මොනවා මොනවා හරි වෙලා තියෙනවා තමයි. හැබැයි මොකක්ද වෙලා තියෙන්නේ? කට්ටියක් හිිටියා 19 කියලා හිස් කොලයක් හරි සම්මත කරන්න සූදානමෙන්. දැන් අන්තිමට 19 කියලා සංකල්පයක් තියෙනවා. හැබැයි මොකක්ද මේක ඇතුළේ තියෙන්නේ.
අපි මේකට විරුද්ධව ඡුන්දය දුන්නේ නැහැ. ඒ සීමිත වූවත් ප‍්‍රතිසංස්කරණ වන නිසයි. අපි මේකට පක්ෂව ඡුන්දය දුන්නේ නැහැ. ඒ මේ කෙරෙන බරපතල රැුවටීමට විරෝධය දක්වන්නයි.

19 වන සංශෝධනයේ වල්ගය වගේ පැමිණෙනවා 20 වන සංශෝධනය. ඇත්තටම 20 වන සංශෝධනය අවශ්‍ය වුණේ 19 වන සංශෝධනය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමෙන් ඇති වන අරාජිකත්වයට උත්තරයක් ලෙසයි. ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදන්නයි. ඇත්තටම ජේ ආර්ගේ ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති ක‍්‍රමය තිබුණාට සමානුපතික ක‍්‍රමය නිසා එය පාලනය වුණා. නමුත් 20 වන සංශෝධනයෙන් පසුව විධායක ජනාධිපති ක‍්‍රමයත් තියෙනවා. තනි පක්ෂයක් පාලනය කරන පාර්ලිමේන්තුවකුත් තියෙනවා. ජේ ආර්, මහින්ද ඒකාධිපතිත්වයට ගියේ විවෘතවමයි. මෛත‍්‍රී ඒක කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන්.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p