බුදුන් වහන්සේගේ පූජනීය සර්වඥ ධාතු මියෙන්මාරයෙන් දිවයිනට

April 29, 2015

වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලාංකීය ජනතාවට ප්‍රදර්ශනය කිරීමට හා වන්දනාමාන කිරීමට මියන්මාරයේ මැණ්ඩලේ කෞතුකාගාරයේ සංරක්ෂිත බුදුන් වහන්සේගේ පූජනීය සර්වඥ ධාතුන් වහන්සේලා අද (29) මධ්‍යම රාත්‍රියේ දී දිවයිනට වැඩම කරවීමට නියමිතය.

සර්වඥ ධාතූන් වහන්සේ දිවයිනට වැඩම කරවීම සඳහා බෞද්ධයා නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි දහම් පාසල් විදුහල්පති අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් මියන්මාරයට වැඩම කර ඇත.

සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රමුඛව වැඩම කරන මියන්මාරයේ පූජ්‍ය යූ නයන වුන් තා හිමි (Ven. U Nayana Wun Tha) ඇතුළු නියෝජිත පිරිස පිළිගැනීම සඳහා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත යාමට නියමිතය.

මෙම සර්වඥ ධාතූන් වහන්සේලා දිවයින පුරා ස්ථාන දහනවයක මහජනයා සඳහා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත. වෙසක් සමය තුළ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා වන්දනාමාන කිරීමට ශ්‍රී ලංකා ජනතාවට මෙම දුර්ලභ අවස්ථාව ලබා දී ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p