ඇමරිකානු රාජ්‍ය ලේකම් මැයි 2 දා දිවයිනට

April 28, 2015

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ලබන සෙනසුරාදා (මැයි 2 දා) ශ්‍රී ලංකාවට පැමිණෙයි.

එහෙත් ඔහු උතුරේ සංචාරය නොකරන බව රජයේ ආරංචිමාර්ග දක්‌වයි. 

ජෝන් කෙරී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ ඇමැති මංගල සමරවීර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමග ද සාකච්ඡා පවත්වනු ඇත.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් කොළඹ නව ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමට ද නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p