19, 20 කිවුවාට මිනිස්සු දන්නේ නෑ.. කොලේ වහලා ගහන්න දෙන්න බෑ..

April 27, 2015

මාධ්‍ය නිදහස සීමා කිරීම වැනි භයානක යෝජනා 8ක් 19 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ට මුවාවී ගෙන ඒමට ආණ්ඩුව උත්සහ දරා ඇති බවත් එමගින් තහවුරු වන්නේ 19 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හරහා කොලේ වසා ගැසීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බවත් බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. ඔහු අවධාරණය කරන්නේ 19 හෝ 20 පිලිබද ජනතාවට නිසි අවබෝධයක් නොමැති බවයි. මේ සිදු කිරීමට උත්සහ දරන්නේ 1978 විධායක ජනාධිපති ධූරය ඇතුලත් ව්‍යවස්ථාව ගෙන එමින් සිදු කළ වරද නැවත කිරීමට බවද එම වරද නැවත සිදු වීමට ඉඩ දිය නොහැකි බවද රණතුංග මහතා කියයි.

පස්යාල මහා විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් රණතුංග මහතා මේ බව සදහන් කලේය.

මෙහිදී අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කීවේය.

‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවන බවිට ඒ පිළිබද ජනතා කතිකාවක් ඇතිවිය යුතුයි. කවුරු කොහොම කිවුවත් යුද්ධය දිනන්න පුලූවන් වුනේ විධායක ජනපති ක‍්‍රමය තිබුණු නිසයි. එහෙම නොවුනානම් පාරිලිමේන්තුව තුළ යුද්ධය සම්බන්ධයෙන් තීන්දු ගන්න බැරි වෙනවා. එදා යුද්ධය පැවති කාලයේ රටට තිබුණු තර්ජනය තවමත් අවසන් නැහැ.

18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති ධූරය සදහා දෙවරක් පමණක් තරග කළ හැකියි කියන වගතන්තිය අහෝසි කෙරුණා. ඒ වෙලාවේ හිටපු ජනාධිපතිතුමාට රට සංවර්ධනය කරන්න තවත් අවස්ථාවක් දිය යුතුයි කයන මතයේ ඉදලයි එ තීරණය ගත්තේ.

අද 19 සහ 20 කියන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැන කථා බහ කරනවා. 19 මොකද්ද 20 මොක්ද්ද කියලා ජනතාවට අවබෝධයක් නැහැ. සමහරු කියනවා 19 කියන්නේ 20 කලින් තියන අංකය එහෙම නැත්නම් 18 ට පස්සේ තියන අංකය කියලා. 1978 දි සිදු වුනෙත් ජනතාව අපේකෂා නොකළ ව්‍යස්ථාවක් ගෙන ඒම. අද 19ට මුවා වෙලා ගෙන එන ඇතැම් සංශෝධන ඉතා භයානකයි. මේක තනිකරම කොලේ වහලා ගැහිල්ලක්. ඒ නිසා මේ පිළිබද නිසි කතිකාවක් රට තුළ සිදුවි යුතුයි.

අද කොටි රට තුළත් රටින් පිටතත් නැවත හොල්මන් කරමින් තිබෙනවා උතුරු නැගෙනහිර තත්වය ඉතකා භයානකයි. මේවා කියනකොට අපි ජාතිවාදීන් ලෙස ලේබල් අලවනවා.

මේ යහ පාලන ආණ්ඩුව අධ්‍යාපනය වෙනුවෙන් මොනවද කලේ . අධ්‍යාපන විශය භාර දුන්නේ සූප්පු උරන දරුවෙකුට. මහින්දෝදය නම කපන එකයි සල්ලි අඩු කරන එකයි ඇරෙන්න වෙන මොනවද කලේ .බස්නාහිර පළාත් සභාවට පහුගිය රජය හැමදාම අයවැයෙන් වෙන් කළ මුදලට වඩා මුදලක් දුන්නා. නමුත් අද එහෙම නෑ. තිබුණ ආණ්ඩුව හදපු මහින්දෝදය නම ඉවත් කරන්න කියන්නේ ඒකට සතයක් වත් නොදී මහින්දෝදය විවෘත කරනකොට සමරු පළකයට අකිල විරාජ් කාරියවසම් අධ්‍යපන ඇමතිතුමාගේ නම දාන්න කියලා මගෙන් ඉල්ලීමක් කළා. මම ඒකට එකග වුනේ නැහැ. ඒ ඉල්ලීම සදාචාර සම්පන්න නැති නිසා අධ්‍යාපන ඇතිතුමාට ඕන්නම් මුදල් වෙන් කරලා අකිලෝදය කියලා වැඩ සටහනක් ගෙන ගියාට අපේ ප‍්‍රශ්නයක් නෑ. ඒත් පහුගිය ආණ්ඩුවෙන් මුදල් වෙන් කරපු මහින්දෝදයට අකිලෝදය කියලා එක එක නම් දාන්න අපි ලෑස්ති නෑ.

– ප‍්‍රදීප් අනුර කුමාර

Sammy

Previous story Next story

Leave a comment

t

o

p